බොලිවුඩයේ මධුර හඬ ආශා බෝස්ලේ සමුගනී
සයුරෙන් එතෙර

බොලිවුඩයේ මධුර හඬ ආශා බෝස්ලේ සමුගනී

April 13, 2026   09:57 pm

දශක අටක් පුරා රසික සිත් මධුර හඬින් මන්මත් කළ බොලිවුඩයේ ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ඊයේ පස්වරුවේ සදහටම දෙනෙත් පියාගත්තා.

මුම්බායි හි පෞද්ගලික රෝහලක අවසන් සුසුම් හෙළන විට ඇගේ වයස අවුරුදු 92ක්.

ගීත 12,000කට වැඩි ප්‍රමාණයක් ගායනා කළ, ආශාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ආශා බෝස්ලේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේදී සිදුකෙරුණේ මුම්බායි නුවර ශිවාජි උද්‍යානයේදී යි.