එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට
April 15, 2026 02:03 pm
108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් පදක්කම්ලාභී නදීශා ගයන්ති දිවයිනට පැමිණ තිබේ.
එම බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නදීශා ගයන්ති රන් පදක්කමක් සහ එහි තවත් ඉසව්වක් සඳහා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 25 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක ගේ සහභාගීත්වයෙන් පසුගිය අප්‍රේල් 10 වනදා සිට 12 වනදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.
එහිදී නදීශා ගයන්ති වයස අවුරුදු 40 ට වැඩි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
