ගෝලීය අර්බුද හමුවේ ඉන්දීය ආර්ථිකය ගැන අනාවරණයක්
සයුරෙන් එතෙර

ගෝලීය අර්බුද හමුවේ ඉන්දීය ආර්ථිකය ගැන අනාවරණයක්

April 18, 2026   07:54 am

මන්දගාමී වන ගෝලීය ආර්ථිකය හමුවේ ඉන්දියාව ස්ථාවරව සහ වේගයෙන් ඉදිරියට යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), 2027 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ වර්ධනය 6.5%ක් වනු ඇතැයි පුරෝකථනය කරමින්, එය ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයක් ලෙස යළිත් තහවුරු කර ඇත. 

මෙය ගෝලීය සාමාන්‍ය වර්ධන වේගය මෙන් දෙගුණයකට ආසන්න අගයකි.

මේ අතර IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නේ ශක්තිමත් පදනම, ඉහළ පරිභෝජනය සහ අඛණ්ඩ ප්‍රතිපත්තිමය ගම්‍යතාවය මෙයට හේතුවී ඇති බවය. 

භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ගෝලීය වර්ධන වේගය පහත වැටෙමින් තිබියදී, ඉන්දියාවේ දේශීය ඉල්ලුම මත පදනම් වූ ආර්ථික ආකෘතිය ඒ සඳහා වැදගත් ආරක්ෂාවක් සපයා ඇති බව IMF ප්‍රධානියා කියයි. 

කෙසේ වෙතත්, අභියෝග රැසක් ඉදිරියේ පවතී බවත් තෙල් මත යැපීම, උපරිම සීමාවට ආසන්න වන උද්ධමනය සහ ගෝලීය මූල්‍ය අස්ථාවරත්වය මෙහි ස්ථාවරත්වයට බලපෑම් කළ හැකි බවද පෙන්වාදී තිබේ. 

ඉන්දියාව අනෙක් රටවලට වඩා හොඳින් ක්‍රියා කරන නමුත් ගෝලීය බලපෑම්වලින් මුළුමනින්ම මිදී නැති බවද සඳහන් කරයි.