ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඉන්දුනීසියාවට
April 19, 2026 03:01 pm
ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ කාන්තා හොකී තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය.
තරගාවලිය අප්‍රේල් 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම එහි 'B' කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර, එම කාණ්ඩයට සිංගප්පූරුව, කසකස්තානය සහ සත්කාරක ඉන්දුනීසියාව ඇතුළත්ව ඇත.
