130 වැනි 'බොස්ටන් මැරතන්' තරගය හෙට ඇරඹේ

130 වැනි 'බොස්ටන් මැරතන්' තරගය හෙට ඇරඹේ

April 19, 2026   06:02 pm

අමෙරිකාවේ පැවැත්වෙන ලොව වඩාත් පැරණිතම සහ ප්‍රධානම මැරතන් තරගයක් වන 'බොස්ටන් මැරතන්' තරගය හෙට (20) ආරම්භ වේ.

වසර 130ක් පැරණි මෙම තරගය සඳහා මෙවර 30,000කට අධික තරගකරුවන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසද සහභාගිවීමට නියමිතය.

මේ වනවිට 55 හැවිරිදි වියේ පසුවන ඔහු, අවුරුදු 55- 59 වයස් කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත බව සඳහන්ය.

ඔහු සහභාගිවන වසස් කාණ්ඩයෙන් තරගකරුවන් 3,800 දෙනෙකු  තරග වැදීමට නියමිතය.