සයුරෙන් එතෙර
වෙළෙඳ ගනුදෙනු වැඩි කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සැරසෙයි
April 21, 2026 12:50 pm
දකුණු කොරියානු ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.
ඒ, දකුණු කොරියානු ජනාධිපති සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ අවස්ථාවේදීය.
එහිදී දෙරට අතර පවතින වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ඩිජිටල් සහයෝගීතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ක්‍රීඩා සහ සංස්කෘතික ක්ෂේත්රයන් සම්බන්ධ ගිවිසුම්වලට ද එහිදී අත්සන් තබා ඇත.
එමෙන්ම, ඉන්දියා-දකුණු කොරියා විශේෂ හවුල්කාරිත්වය සඳහා වූ ඒකාබද්ධ දැක්මක් සහ නැව් තැනීම, නාවික ප්‍රවාහනය සහ සමුද්‍රීය සැපයුම් දාම පිළිබඳ පුළුල් සහයෝගීතා රාමුවක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද මෙහිදී අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර තිබේ.
එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, කලාපීය සාමය සහ ජාත්‍යන්තර ගැටලු විසඳීමේදී සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට දෙරට එකඟ වූ බවය.
