සයුරෙන් එතෙර
අමෙරිකා - ඉරාන ගැටලු විසඳාගත හැකි මාර්ගය ඉන්දියාව පෙන්වයි
April 24, 2026 02:53 pm
අමෙරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය පිළිබඳව ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.
ඉන්දියාව අවධාරණය කර ඇත්තේ බටහිර ආසියාවේ තිරසාර සාමය සහතික කිරීම සහ ආතතිය අවම කිරීම සඳහා සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්‍යවශ්‍ය බවය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම ගැටුම දැනටමත් ජනතාවට දැඩි පීඩාවක් එල්ල කර ඇති අතර ගෝලීය බලශක්ති සැපයුමට සහ වෙළෙඳ ජාලයන්ටද බාධා පමුණුවා ඇති බවය.
කඩිනමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බාධාවකින් තොරව නාවික ගමනාගමනය සහ ගෝලීය වාණිජ ප්‍රවාහය සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දියාව පවසයි.
