සයුරෙන් එතෙර
ඉන්දියාව සහ ජර්මනිය සබ්මැරීන් ගනුදෙනුවකට සැරසෙයි
April 24, 2026 09:45 pm
ඉන්දියාව සහ ජර්මනිය අතර සිදු කිරීමට නියමිත සබ්මැරීන ගනුදෙනුවක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
එම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ ජර්මනිය අතර සැලසුම් කර ඇති ඩොලර් බිලියන 8ක සබ්මැරීන සහයෝගීතාව පිළිබඳ අවසන් ගිවිසුමට නුදුරේදීම අත්සන් තැබීමට අපේක්ෂා කරන බව ජර්මන් ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇති බවය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ජර්මානු සංචාරයට සමගාමීව මෙම වාර්තා පළවී තිබුණි.
