ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කිලෝ 85න් පහළ රග්බි කණ්ඩායමට ජයක්
April 25, 2026 09:22 pm
සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු අදියරේ අද (25) පැවැති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
කොළඹ තුරග තරග පිටියේදී පැවති මෙම තරගයේදී ලකුණු 16-27ක් ලෙසින් ඔවුන් මෙම ජයග්‍රහණය ලැබීය.
මෙහි තවත් තරග දෙකක් එළැඹෙන මැයි මස 03 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඒ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදීය.
