ගූගල් නවතම AI මධ්‍යස්ථානය ඉන්දියාවේ
සයුරෙන් එතෙර

ගූගල් නවතම AI මධ්‍යස්ථානය ඉන්දියාවේ

April 30, 2026   10:54 am

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාකාපට්නම් හිදී ගූගල් සමාගම සිය කෘතිම බුද්ධි (AI) මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර ඇත.

මෙය ඉන්දියාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා එම සමාගම සිදුකළ විශාලතම ආයෝජනය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය  AdaniConneX සහ Bharti Airtel සමාගමේ Nxtra සමග හවුල්කාරිත්වයෙන් සිදු කෙරෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම AI මධ්‍යස්ථානය ඉන්දියාවේ ඩිජිටල් සහ කෘතිම බුද්ධි වර්ධනයට සහාය වීම සඳහා වූ විශාලතම ව්‍යාපෘතියක් වනු ඇති බවය.

එහි සමාරම්භක උත්සවයට ඉන්දීය මධ්‍යම තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා, ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමති සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගීවී ඇත.