ඇෆ්ගන් - පාකිස්තාන සටන් විරාමය බිඳවැටෙයිද ?
සයුරෙන් එතෙර

ඇෆ්ගන් - පාකිස්තාන සටන් විරාමය බිඳවැටෙයිද ?

April 30, 2026   03:42 pm

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති මතගැටුම් හේතුවෙන් සටන් විරාමයද බිඳවැටෙමින් ඇති බව තලේබාන් පාලනය පවසයි. 

ඇෆ්ගන් විශ්වවිද්‍යාලයකට සහ නේවාසික පරිශ්‍රයකට පාකිස්තාන මිසයිල ප්‍රහාර එල්ල වූ සිද්ධියේදී අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් තලේබාන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තලේබාන් පාලයන සඳහන් කරන්නේ සිවිල් වැසියන්ට සහ අධ්‍යාපන ආයතනවලට එල්ල කරන ලද ප්‍රහාර "සමාව දිය නොහැකි යුද අපරාධ" බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විධිමත් ලෙස සටන් විරාමයක් නිරීක්ෂණය කරමින් සිටියද, දෙපාර්ශ්වයම දේශසීමාහරහා වෙඩි හුවමාරු වාර්තා වෙන බවය.