තායිවානය විදෙස් සබඳතා ගැන කතා කරයි
සයුරෙන් එතෙර

තායිවානය විදෙස් සබඳතා ගැන කතා කරයි

May 6, 2026   11:08 am

තායිවානයට ලෝකය සමග සම්බන්ධවීමට අයිතියක් ඇති බවත්, කිසිදු රටකට එය නැවැත්විය නොහැකි බවත් එරට ජනාධිපති පවසයි.

එස්වාටිනි රාජ්‍යයේ නිල ආරාධනයක් පරිදි තායිවාන ජනාධිපතිවරයා එහි සිදුකළ සංචාරය අතරතුර මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

මෙම සංචාරයට චීනයේ දැඩි විරෝධය එල්ල වී තිබුණි.

තායිපේ පාලනය පවසන පරිදි බෙයිජිං පාලනය විසින් මෙම සංචාරය වැළැක්වීමට උත්සාහ කර ඇත.

චීනය විසින් තායිවාන ජනපති 'rat' ලෙස හඳුන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එස්වාටිනි යනු තායිපේ පාලනය සමඟ නිල සබඳතා පවත්වන රටවල් 12න් එකකි.