ආසියානු රග්බි කිරුළ ලංකාවට රැගෙන එන්න අලුත් ගමනක්
May 11, 2026 11:02 am
ආසියානු ක්රීඩා උළෙල ඉලක්කකර ගනිමින් සත් සාමාජික උසස් කාර්යසාධන රග්බි සංචිතයක් සමඟ ගිවිසුම්ගතවීමට ශ්රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබේ.
මෙම සංචිතයට ක්රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් බව ශ්රි ලංකා රග්බි ආයතනය නිවේදනය කරයි.
මෙලෙස ගිවිසුම්ගතවන ක්රීඩකයින් පූර්ණ වෘත්තීය මට්ටමේ පුහුණු ක්රමවේදයකට ඇතුළත්වන අතර ඔවුන්ගේ කාර්යසාධනය නිරන්තර අධීක්ෂණය කෙරෙන බව සඳහන් වෙයි.
මේ අතර, මෙරට රග්බි ආයතනය සදහන් කර ඇත්තේ ආසියානු ක්රීඩා උළෙලේදී සත් සාමාජික රග්බි රන් පදක්කම ශ්රී ලංකාවට හිමි කර ගැනීම මෙම පියවරේ අරමුණ බවයි.
