සයුරෙන් එතෙර
අපි ප්රජාතන්ත්රවාදී රටක් - ඒ ගැන ආඩම්බරයි - මෝදි කියයි
May 21, 2026 08:06 am
මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්රජාතන්ත්රවාදය සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඔහු මේ බව පවසා තිබුණේ නෝර්වේ අග්‍රාමාත්‍යවරයා සමග ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය ප්‍රකාශය අතරතුරදීය.
නෝර්වීජියානු පුවත්පත් විචාරකයෙකු විසින් සිදුකළ මතභේදාත්මක කරුණු මතුකිරීමකින් පසුවය.
ලෝක ජනගහනයෙන් හයෙන් එකක් ඉන්දියාවේ ජීවත් වුවද, ලෝකයේ පවතින ගැටලුවලින් හයෙන් එකකට ඉන්දියාව දායක නොවන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පෙන්වා දී තිබේ.
සමනාත්මතාවය සහ මානව හිමිකම් කෙරෙහි තමන් සතු දැඩි විශ්වාසය ප්‍රදර්ශනය කරමින්, අනෙකුත් බොහෝ රටවල් මෙන් නොව, නිදහස ලැබූ පළමු දිනයේ සිටම ඉන්දියාව කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබා දුන් බව ඔහු පෙන්වා දෙයි.
