අමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියාවේ සංචාරයක
සයුරෙන් එතෙර

අමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියාවේ සංචාරයක

May 21, 2026   01:15 pm

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැයි 23 සිට 26 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඒ හරහා ඉන්දු - අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතාවල ක්‍රමික ප්‍රගතියක් පෙන්නුම් කරන බවය.

මෙම සංචාරය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස එරට සිදු කරන පළමු සංචාරය බවත් වාර්තා වෙයි.

මෙම සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බලශක්ති, වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි පැවසෙයි.