සයුරෙන් එතෙර

බංග්ලාදේශ කාන්තාවන්ට සිදුවෙන හිරිහැර ගැන වාර්තාවක්

May 22, 2026   03:14 pm

ගෝලීය සහ ජාතික දත්ත විශ්ලේෂණයන්ට අනුව කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් බංග්ලාදේශය ලොව ඉහළම මට්ටමක පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය දකුණු ආසියාවේ දරුණුතම තත්ත්වය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ 2024 ජාතික සමීක්ෂණය අනුව හෙළිවී ඇත්තේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් 70%ක් දක්වා සිය ජීවිත කාලය තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුවී ඇති බවය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2025 වසරේදී නිකුත් කරන ලද දත්තවලට අනුව, බංග්ලාදේශයේ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙවැනි ප්‍රචණ්ඩත්වයකට මුහුණදී ඇති අතර, එය වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින බවත්ය.