සයුරෙන් එතෙර
වෙනිසියුලාවේ තෙල් ඉන්දීය වෙළෙඳපොළට
May 22, 2026 09:25 pm
මැයි මාසයේදී ඉන්දියාවේ තුන්වන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්වීමට වෙනිසියුලාව සමත්වී ඇතැයි වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෝලීය තෙල් වෙළඳපොළේ පවතින බාධා කිරීම් මධ්‍යයේ, ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් මිලෙන් අඩු වෙනිසියුලානු බොරතෙල් මිලදී ගැනීම ඉහළ නංවා ඇති බවය.
ඒ අනුව ඔවුන් සාම්ප්‍රදායික ඉන්ධන සැපයුම් ප්‍රබලයින් වන සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය පවා අබිබවා ගොස් ඇතැයි පැවසෙයි.
වෙනිසියුලාව මේ මාසය වන විට ඉන්දියාවට දිනකට බොරතෙල් බැරල් 417,000ක් පමණ සපයා ඇති බවද සඳහන්ය.
මෙය අප්‍රේල් මාසයේ පැවති දිනකට බැරල් 283,000ක ප්‍රමාණයට වඩා කැපී පෙනෙන ඉහළ යෑමකි.
මේ අනුව මැයි මාසයේදී ඉන්දියාවට වෙනිසියුලාවට වඩා වැඩි බොරතෙල් ප්‍රමාණයක් සපයා ඇත්තේ රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණි.
