සයුරෙන් එතෙර
භූ කම්පනයෙන් විපතට පත් පිලිපීනයට ඉන්දියාවේ සහාය
June 10, 2026 08:53 am
දකුණු පිලිපීනයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 8 වනදා දකුණු පිලිපීනයේ මින්දනාඕ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන් වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු අතර ප්‍රදේශ කිහිපයකට දැඩි දේපළ හානි සිදු විය.
භූ කම්පනය නිසා ඉන්දුනීසියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
මේ අතර සිදුවූ ජීවිත හානි සහ දේපොළ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරටට සිය කනගාටුව පළ කර තිබුණි.
'X' සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ, ව්‍යසනයෙන් විපතට පත් වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව සැමවිටම පිලිපීනය සමඟ සිටින බවය.
