සයුරෙන් එතෙර
ඉරාන-අමෙරිකා මූලික සාකච්ඡා හෙට
June 18, 2026 01:12 pm
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමකින් පසුව, දෙරට අතර මූලික සාකච්ඡා හෙට (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock)හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත පවසයි.
අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි.
මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්ථානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.
මේ අතර, මෙම රැස්වීම පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.
මේ අතර මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තබා ඇත.
