රූට් යළිත් අංක එකට
June 24, 2026 10:10 pm
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.
ඔහු ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස පෙරමුණ ගෙන ඇති අතර, ඒ හේතුවෙන් මීට පෙර ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටි එංගලන්තයේම හැරී බෘෘක්ට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.
එමෙන්ම මීට පෙර දෙවැනි ස්ථානයේ පසුවූ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එක් ස්ථානයකින් පහළට වැටී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය තවදුරටත් ස්ටීවන් ස්මිත් සතුව පවතින අතර, ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් ද 5 වැනි ස්ථානයේම රැඳී සිටියි.
ඔවුන්ට අමතරව පළමු දසදෙනා අතර සිටින අනෙක් එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් පසුවන්නේ 9 වැනි ස්ථානයේය.
දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා 6 වැනි ස්ථානය රැකගෙන සිටින අතර, ඉන්දීය ක්‍රීඩකයන් වන ශුබ්මන් ගිල් (7) සහ යෂස්වි ජයස්වාල් (8) මීට පෙර සිටි ස්ථානවලින් ඉහළට පැමිණ නොමැත.
