සයුරෙන් එතෙර
ට්රම්ප්ගේ ආසියානු සංචාරයක් ගැන රූබියෝගෙන් අනාවරණයක්
June 27, 2026 02:49 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ලබන වසරේ මුල් භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති පසුබිමක, ඉන්දු-අමෙරිකානු සබඳතාවල දක්නට ලැබෙන නව ප්රබෝධය මෙමඟින් මැනවින් පිළිඹිබු වන බවද ඔහු අවධාරණය කර තිබේ.
ධවල මන්දිරයේදී පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුබියෝ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට අවශ්ය පසුබිම සකස් කිරීම සඳහා තමන් මේ වසර අවසානයට පෙර ඉන්දියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවය.
මෑතකදී පැවැත්වුණු 'G7' රාජ්ය නායක සමුළුව අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අතර පැවැති හමුවෙන් අනතුරුව, ඉන්දු-අමෙරිකානු සබඳතා වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බව ද රුබියෝ පවසා ඇත.
