ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි අර්බුදයක 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි අර්බුදයක 

July 3, 2026   12:55 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වනවිට ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් කණ්ඩායම තේරීමට සිදුව ඇත්තේ, ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙනි.

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම මේ වනවිට ආබාධවලට ලක්ව සිටිති.

එමෙන්ම ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්, එම ස්ථානයට ළහිරු උදාර ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්ය.

රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවී ඇති බැවින් ඔහු‌ට ද දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇත.

කසුන් රාජිත මෙම තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බැවින් ඉසිත් විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිවනු ඇති බව සඳහන්ය.

තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ දගපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබීය.