සයුරෙන් එතෙර
චීනයේ නායයෑමකින් 16ක් අතුරුදන්
July 7, 2026 09:57 am
චීනයේ බටහිර ගන්සු පළාතේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 16දෙනෙකු අතුරුදන්ව තිබේ.
නායයෑම සිදුවන අවස්ථාවේ 33 දෙනෙකු එහි සිට ඇති බවත් සුන්බුන් අතර සිරවී සිටි 17දෙනෙකු මේ වන විට බේරා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම පීඩාවට පත්වූවන් බේරා ගැනීම සඳහා එරට ප්‍රාදේශීය බලධාරීන් උපරිම උත්සාහයක් ගනිමින් සිටින බව ද සඳහන්.
චීනයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 275කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර මෙම කුණාටු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
