අලුත් පිම්මක් පැන්න ඉන්දියාවේ හයිඩ්‍රජන් දුම්රිය
සයුරෙන් එතෙර

අලුත් පිම්මක් පැන්න ඉන්දියාවේ හයිඩ්‍රජන් දුම්රිය

July 18, 2026   01:30 pm

හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන ඉන්දියාවේ පළමු මගී දුම්රිය සේවාව අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මෙම දුම්රිය ඉන්දියාවේ “මේක් ඉන් ඉන්දියා” වැඩසටහනේ ජයග්‍රහණයක් බව අගමැතිවරයා එහිදී සඳහන් කර තිබේ. 

හරියානා ප්‍රාන්තයේ ජින්ද් සිට සෝනිපත් දක්වා මෙම හයිඩ්‍රජන් දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

හයිඩ්‍රජන් බලයෙන් විදුලිය නිපදවා එමඟින් දුම්රියට බලය ලබාදෙන අතර මෙය ක්‍රියාත්මක වීමේදී කාබන් විමෝචනයක් සිදුනොවී අතුරු ඵලයක් ලෙස ජල වාෂ්ප පමණක් පිටවෙයි.

අශ්වබල 3,200ක ධාවන පද්ධතියක් සහිත මෙම දුම්රිය ලොව බලවත්ම හයිඩ්‍රජන් මගී දුම්රියවලින් එකක් ලෙස සැලකෙයි.