වියට්නාමයේ හදිසි ගංවතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදන්
සයුරෙන් එතෙර

වියට්නාමයේ හදිසි ගංවතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදන්

July 18, 2026   02:11 pm

වියට්නාමයේ  උතුරු දෙසින් පිහිටි 'ලායි චාවු' ප්‍රදේශයේ ඇති කඳුකර ගම්මානයක් හරහා හදිසි ගංවතුරක් ගලා යාමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

වියට්නාමයේ උතුරු ප්‍රදේශ කිහිපයකට දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂාවෙන් පසුව මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන් වෙයි.

වර්ෂා අධික සමයක්වන ජූලි සිට සැප්තැම්බර් දක්වා මාරාන්තික කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ට නිරන්තරයෙන් වියට්නාමය ගොඳුරු වෙයි.