සයුරෙන් එතෙර
ඉබෝලා වසංගතයෙන් කොංගෝවේ 930ක් මියගිහින්
July 20, 2026 01:10 pm
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පසුගිය පැය 24 තුළ පමණක් ඉබෝලා වෛසරය හේතුවෙන් පුද්ගලයින් 37දෙනෙකු මියගොස් ඇති අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
පසුගිය මැයි 15 වන දින කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර පළාතේ ඉබෝලා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ අතර එය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී තිබුණි.
