බ්‍රිතාන්‍ය නව අගමැති යටතේ සබඳතා තර කරගැනීමට ඉන්දියාව සැරසෙයි
සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය නව අගමැති යටතේ සබඳතා තර කරගැනීමට ඉන්දියාව සැරසෙයි

July 22, 2026   09:16 am

බ්‍රිතාන්‍ය සමග පවතින ද්විපාර්ශ්වික උපායමාර්ගික සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට නව අගමැති ඇන්ඩි බර්නම් යටතේ අපේක්ෂා කරන බව ඉන්දියාව පවසයි.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ඇන්ඩි බර්නම් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් පිරිනමමින් ඒ බව පවසා තිපබේ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාව උදෙසා වන 2035 දැක්ම ඉදිරියට ගෙන යාමටත් එක්ව කටයුතු කරන බව අගමැති මෝදි එහිදී විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අගමැති මෝදි පෙන්වා දුන්නේ, ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර පවතින ශක්තිමත් සබඳතාව ප්‍රජාතන්ත්‍රවාදී අගයන් මත පදනම් වූවක් බවය. 

එමෙන්ම වෙළඳ, ආයෝජන, තාක්ෂණික, ආරක්ෂක සහ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක දෙරට අතර පුළුල් සහයෝගීතාවක් පවතින බව ද ඔහු සඳහන් කරයි.

මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන 'සමස්ත ආර්ථික සහ වෙළඳ ගිවිසුම' මගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට නව පණක් ලැබෙනු ඇති බවද අගමැති මෝදි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.