සයුරෙන් එතෙර
ලැව්ගින්නකින් ප්‍රංශ ගිනි නිවන භටයින් දෙදෙනෙකු මියයයි
July 22, 2026 01:46 pm
ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි බෝර්ඩෝ (Bordeaux) ගුවන්තොටුපළ අසල හටගත් දැවැන්ත ලැව්ගින්නක් නිවීමට උත්සාහ කිරීමේදී ප්‍රංශ ගිනි නිවන භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන්තොටුපළේ වාහන නැවැතුම්පොළක් අසල පිහිටි ලඳු කැලෑවක හටගත් මෙම ගින්න පසුව අසල තිබූ ගොඩනැගිල්ලකටද පැතිර ගොස් ඇත.
ගින්න හේතුවෙන් විශාල ලෙස දුමාරය මතු වී ඇති අතර, බෝර්ඩෝ ගුවන්තොටුපළට පැමිණීමට තිබූ ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවී තිබේ.
