පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්
July 30, 2026 05:09 am
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.
ඒ එම ඉසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය.
මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් වුණි.
