උණුසුම් පුවත්
නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලින කෙරේ
දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදාළව අදියර එක සහ දෙක යටතේ නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලින කර තිබේ.
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් සිදුකර තිබේ.
ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්
ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ යොමු කර රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් - පොලීසිය
මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්
ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇමති විජිත, නවසීලන්ත විපක්ෂ විදේශ කටයුතු ප්‍රකාශිකාව හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ විපක්ෂ ප්‍රකාශිකාව වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.
ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර
ඉන්දියාවේ කොල්කටාහි ඉදිකර ඇති අඩි 70ක් පමණ උසැති ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.
කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්
කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් "කාන්තාවන්ගේම ගැටලුවක්" පමණක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැලිකඩ OIC රිමාන්ඩ්
වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කළුතර වෙඩිතැබීම - සැක සහිත වෑන් රථයකුත් සොයාගනී
කළුතර දකුණ ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුකළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැක කරන තවත් රථයක් කළුතර මතුගම මාර්ගයේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී
කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගෙස් තිබියදී සොයාගෙන තිබේ.
පෙරපාසලක් මතට ගසක් කඩා වැටේ
හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් එහි වහළයට දැඩි අලාභ හානි සිදු ව තිබේ.
පස්වන සහ හයවන IMF සමාලෝචනය ගැන සම්පූර්ණ විස්තරය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබාදී ඇති බව මහබැංකුව පවසයි.
වෙසක් පොහොයට දන්සල් දෙන අයට විශේෂ දැනුවත් කිරීමක්
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී අවසන් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515කට තෙවන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය හෙට
හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා තිබේ.
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුමට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය පවසයි.
අමෙරිකානු දැවැන්තම සංගීත රාත්‍රියේ සම්මාන බෙදීගිය හැටි
අමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම රාත්‍රියක් ලෙස සැළකෙන අමෙරිකානු සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 52වැනි වරටයි.
කළුතර වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට
අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.
තැන් තුනකදී අණ නොතැකූ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි
අද (28) අලුයම් කාලයේදී මාර්ග බාධක නොතකා ධාවනය කළ මෝටර් රථයකට මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
කළුතර වෙඩිතැබීමක් - අයෙක් මරුට
කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී අද (28) උදෑසන 8.59ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
ජීවිත බිලිගන්න මාරක අනතුරු - යතුරුපැදිකරුවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්
ලාඕසයේ ගුහාවක් තුළ සිරවී සිටින කිමිදුම්කරුවන් හත්දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමට සහාය වන තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායමක නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් ඔක්සිජන් සිලින්ඩර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවය.
මැදපෙරදිග යුද දර්ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ.
ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වයි
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා, වතිකානු පුරවරයේ අපොස්තලික මාලිගයේදී ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.