උණුසුම් පුවත්
ආපදා තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිට යෝජනාවක්
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.
කැලණි නිම්නයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක්
කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මනුසත් දෙරණ සහන සේවා ක්‍රියාන්විතය ඔබ වෙනුවෙන්ම දැන් ක්‍රියාත්මකයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතය මේ වන විට ආරම්භ වී තිබේ.
කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී
පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.
ගල් ඔය හා මී ඔය අවට ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබේ.
ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංකයක්
ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
මුළු රටම කඳුළක් කළ ආපදාවේ නවතම තත්ත්වය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ප්‍රදේශවලට ළඟාවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
''විපතට පත් ජනතාවට සහන සැලසීමට මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන්න''
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබා දී තිබේ.
පොදු මගී ප්‍රවාහන සේවකයින්ට විශේෂ දැනුවත් කිරීමක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් සඳහා විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ.
දක්ෂිණ අධිවේගය කඩුවෙල පිටවීමේ පිවිසුම යටවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී තිබේ.
කොළඹටත් ආපදා - මාර්ග රැසක් අවහිරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබේ.
කළු ගඟ අවට ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුරක්
කුළු ගඟ ද්‍රෝණිය වෙත මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබේ.
ආපදා හමුවේ පොලීසියේ නිවාඩු සහ දින විවේක අවලංගු කෙරේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කලා වැවේ පාලම මත සිරවී තිබෙන බස් රථය ජලයෙන් පිරෙයි
මගීන් 70ක් සමඟ කලා වැවේ පාලම මත සිරවූ බස් රථය තුළ සිටින මගීන්ගේ ඉනවටක් ජලය පිරී ඇතැයි අනාවරණය වේ.
මාතරට සුළු ගංවතුර තත්ත්වයක්
මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
කොළඹ - නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දැමේ
කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාව සීරුවෙන්
මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
කලාවැව පාලම උඩ මගීන් 70ක් සමග බස් රථයක් නතර වෙයි
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී තිබේ.
කටුනායකට ආ ගුවන් යානා 06ක් හරවා යැවේ - ශ්‍රීලන්කන් වෙතින් මගීන්ට විශේෂ දැනුම්දීමක්
දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස මාතලේට
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
දුම්රිය ධාවනය සීමා කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.
පැය 72ක් තුළ ආපදා මරණ 46ක් - සමස්ත මරණ 56ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ.
කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහ ගංවතුරක් පිළිබඳ අනතුරු අඟවයි
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.