උණුසුම් පුවත්
වායු ගුණාත්මකභාවය පහළට
මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයාමේ රතු නිවේදන
පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නයයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945 අත්අඩංගුවට ගෙන තිබේ.
කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක්
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.
නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට
විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
අද කාලගුණය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහ වැසි මැද ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
ගාල්ල නගරයට අද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ.
රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.
‘Beyond Recovery’ මානුෂීය මෙහෙයුම ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලුම නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් "Rebuilding Sri Lanka" අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.
ඔස්මන් හාදිට සමුදීමට දහස් ගණනින් පිරිස් ඩකා නුවරට
නාඳුනන තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය බංගලාදේශයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ මහමැතිවරණ අපේක්ෂකයෙකු වූ ෂාරිෆ් ඔස්මාන් හාදිගේ අවසන් කටයුතු එරට ඩකා අගනුවරදී අද සිදු කෙරිණි.
නාකොටික් යාත්‍රා නිරීක්ෂණ තොරතුරු ජාවාරම්කරුවන්ට ගිහින්
මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න - මහ බැංකු අධිපති ඉල්ලයි
ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
'Rebuilding Sri Lanka' යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ගැන චෝදනා රුසියානු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
තම රට බටහිර රටවල අවශ්‍යතාවලට ගරු කරන ආකාරයෙන් ඔවුන් ද තම රට සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් රුසියාවට තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග සඳහා යොමුවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන මෙන්න
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
උත්සව සමය වෙනුවෙන් ගාලු මුවදොර 'මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්'
උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා හෙට (21) සිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කර තිබේ.