උණුසුම් පුවත්
කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ ඇතුළු භාණ්ඩ ගබඩා කළ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ සහ ආලේපන ඇතුළු භාණ්ඩ ගබඩා කළ කොළඹ 13 ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට සාකච්ඡාවක්
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දෙහිවලදී පුද්ගලයෙකු ඉලක්ක කර තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
දෙහිවල කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ත වී තිබේ.
අවසන් ගමන් ගිය රන්දෙණියේ බණ්ඩාර හස්තියා
ටිපර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අලුයම මියගිය 'රන්දෙණියේ බණ්ඩාර' නම් හස්තියා වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකර තිබේ.
සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම 6 වැනිදා
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා මේ මස 06 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට ඊ-කුණු වැඩසටහන නව මුහුණුවරකින්
දිවයින පුරා එකතු වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන පරිදි විධිමත්ව එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා ක්‍රියාත්මක "ඊ-කුණු" (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් නැවත ආරම්භ කර තිබේ.
ආපදාවෙන් මරණ 8ක්
පසුගිය දින කිහිපයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (04) පස්වරුවේ එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ මෙරට තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක්
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඉතියෝපියාවේ නායයෑමකින් 14ක් මරුට
ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ ආරාමයක් අසල ඇති වූ නායයෑමකින් පුද්ගලයන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පොහොට්ටුවේ මහලේකම් සාගරට වැඩ වරදියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් ලබා දීමක් සිදුකර තිබේ.
කැලණි සහ කළු ගංඟා සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවතට
කැලණි සහ කළු ගංඟා ද්‍රෝණි සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (04) පියවර ගෙන තිබේ.
ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙරටට
2025-2027 ලෝක ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද(04) සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබේ.
හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි
හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් සඳහා හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචියක්
රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ඉන්දියාවෙන් මෙරට ඩෙංගු මර්දනයට මැලතියන් තොගයක පරිත්‍යාගයක්
මේ වන විට ක්‍රියාත්මකව පවතින ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් කෘමිනාශක ලීටර් 500ක තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ
නුවරඑළිය ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීඝ්‍රයන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කල බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
සැප්තැම්බර් සිට කොළඹට අලුත් Metro බස් රථ සේවාවක්
ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි 'Metro' බස් රථ සේවාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
කැනඩාවට යවන බව පවසා ඉතියෝපියාවේ පාතාල කල්ලිවලට ලාංකිකයන් 03 දෙනෙකු විකුණලා
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඩුබායි හරහා ඉතියෝපියාවට යවා, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක්
දකුණු පළාතේ පිහිටා ඇති බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බේරාගන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකරන හේතුව නලින්ද කියයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස් ධුරය සඳහා අයෙකු පත් නොකිරීමට හේතු වී ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පැවතීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට යළි විවෘත කෙරේ
අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමූ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.