උණුසුම් පුවත්

ජනපතිගේ හජ් දින සුබපැතුම් පණිවුඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී ඇති අතර, එයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ.

(0)Comments | May 28, 2026  6:13 am

හජ් උත්සවය අදයි - දිවයින පුරා විශේෂ ආරක්ෂාවක්

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (28) යෙදී තිබේ.

(0)Comments | May 28, 2026  5:57 am

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මි.මී 75ක වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | May 28, 2026  5:48 am

පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (27) රැස් වු අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

(0)Comments | May 28, 2026  2:57 am

පරාක්‍රමබාහු යුගය සිහිපත් කරමින් සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම

බුදු සසුන විනාශ කිරීම සඳහා වර්තමානයේ දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සතුරු බලවේග රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.

(0)Comments | May 27, 2026  11:20 pm

රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බවට හඟවමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට මේ දිනවල එම රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශ පවසයි.

(0)Comments | May 27, 2026  9:57 pm

පොලිසියේ 3කගේ සේවා කාලය පසුදාතම කිරීමට ගත් තීරණයට එරෙහි තීන්දුවක්

පොලිසියේ තිදෙනෙකුගේ සේවා කාලය පසුදාතම කොට සැකසීමට ගනු ලැබූ තීරණයක් නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

(0)Comments | May 27, 2026  9:38 pm

චීන ජාතිකයින්ගේ පැමිණිල්ලෙන් එළියට ආ වැලිකඩ OICගේ සැබෑ ස්වරූපය

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

(0)Comments | May 27, 2026  8:36 pm

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.

(0)Comments | May 27, 2026  8:13 pm

වනාතවිල්ලුව ප්‍රා.ස. සභාපති ධුරය සජබයට

වාරණ නියෝගයක් මත අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැත්විණි.

(0)Comments | May 27, 2026  7:48 pm

මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අද (27)  ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | May 27, 2026  7:16 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

(0)Comments | May 27, 2026  5:17 pm

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අද (27) පස්වරු 4.30 සිට හෙට පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

(0)Comments | May 27, 2026  5:15 pm

සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට ධර්මාධිකරණය යළි පිහිටුවීමේ තීරණයක්

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | May 27, 2026  4:49 pm

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

ඉහළ යන ඉන්ධන වියදම හමුවේ ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.

(0)Comments | May 27, 2026  4:36 pm

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | May 27, 2026  4:26 pm

පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි

පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර ක්‍රියාත්මක සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ජාලයක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(0)Comments | May 27, 2026  4:12 pm

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය ගැන කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් වාර්තාවක් කැඳවා තිබේ.

(0)Comments | May 27, 2026  3:43 pm

සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව රැස්වෙයි

'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද 5වන අනු කමිටුව, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව සිව්වන වරටත් පසුගිය (25) දා එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ආමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

(0)Comments | May 27, 2026  3:43 pm

වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නෑ - ජනපති

ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | May 27, 2026  3:26 pm

ස්වභාවික ආපදා පාලනයට පවතින නීති බලාත්මක කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබේ.

(0)Comments | May 27, 2026  3:13 pm

වෙසක් සතිය වෙනුවෙන් මැයි 30, 31 සුරාසැල් වැසේ

2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

(0)Comments | May 27, 2026  3:10 pm

හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් වංචා කළ සැකකරුවෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | May 27, 2026  2:25 pm

රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹෙයි

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද සහභාගී වී තිබේ.

(0)Comments | May 27, 2026  2:15 pm

රට රැකියා කරන පිරිසට රජයෙන් අවස්ථාවක්

කොරියාවේ රැකියාවක් කර ඉන්පසුව නැවත ලංකාවට පැමිණ මෙරට තුළ ආයෝජයන් සිදු කිරීමට බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා පුර්ණ සහය රජය මගින් ලබාදෙන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

(0)Comments | May 27, 2026  2:08 pm