උණුසුම් පුවත්

මහියංගනය මූලික රෝහලේ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමග මහියංගන මූලික රෝහලේ වාට්ටු කිහිපයක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

(0)Comments | November 28, 2025  1:07 am

කටුනායක බලා පැමිණි ගුවන්යානයක් ත්‍රිවෙන්ද්‍රම් වෙත හරවා යැවේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මැලේසියාවේ සිට කටුනායක බලා පැමිණි 'එයාර් ඒෂියා' ගුවන් සේවයට අයත් යානයක් ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් වෙත හරවා යවා තිබේ.

(0)Comments | November 28, 2025  12:16 am

තවත් ප්‍රදේශ රැසකට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික ගඟ සහ මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ලැබෙන අධික වාර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

(0)Comments | November 27, 2025  11:47 pm

මැණික් ගඟ දෙපස ගංවතුර තවදුරටත් ඉහළ යන ලකුණු

පවතින අධික වර්ෂාපතනය නිසා මැණික් ගඟ ද්‍රෝණියේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන මහ ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

(0)Comments | November 27, 2025  10:50 pm

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් විය.

(0)Comments | November 27, 2025  10:41 pm

ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(0)Comments | November 27, 2025  10:18 pm

ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට අවදානම් කලාප ලෙස නම් කරයි

කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න බැවින් ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | November 27, 2025  10:13 pm

උඩරට මාර්ගයේ දුම්රිය සේවා කොටුව - රඹුක්කන අතර පමණි

උඩරට මාර්ගයේ සියලු දුම්රිය සේවා හෙට (28) පෙ.ව. 10 දක්වා කොළඹ කොටුව හා රඹුක්කන අතර පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය.

(0)Comments | November 27, 2025  9:47 pm

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට මහා ගංවතුරක්

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

(0)Comments | November 27, 2025  9:38 pm

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

(0)Comments | November 27, 2025  9:01 pm

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු දිනයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

(0)Comments | November 27, 2025  8:38 pm

අයහපත් කාලගුණය නිසා ජාත්‍යන්තර පාසල් වසා තැබීමටත් උපදෙස්

ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

(0)Comments | November 27, 2025  8:36 pm

ඉදිරි පැය 24 තුළ යටිනුවර සහ ගඟවට කෝරළය ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | November 27, 2025  8:14 pm

පාකිස්තානයට ලකුණු 185ක ඉලක්කයක්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

(0)Comments | November 27, 2025  8:11 pm

අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.

(0)Comments | November 27, 2025  8:02 pm

පහළ කඩුගන්නාවේ තවත් නායයෑමක්

කොළඹ - නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට අසන්න ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර නායයෑමක් සිදුව තිබේ.

(0)Comments | November 27, 2025  7:33 pm

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.

(0)Comments | November 27, 2025  6:29 pm

අයහපත් කාලගුණය ජීවිත 47ක් උදුරා ගනී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද (27) දෙදින තුළ පමණක්  පුද්ගල මරණ 37ක් වාර්තා වී තිබේ.

(0)Comments | November 27, 2025  6:15 pm

කාසියේ වාසිය පාකිස්තානයට

පාකිස්තාන විස්සයි20 තුන්කොන් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද(27) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත් වේ.

(0)Comments | November 27, 2025  6:14 pm

කොළඹ - බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

(0)Comments | November 27, 2025  6:04 pm

අයහපත් කාලගුණය නිසා උ.පෙළ විභාග කාලසටහනේ වෙනස්කම් ගැන සාකච්ඡාවක්

පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද (27) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(0)Comments | November 27, 2025  5:52 pm

ගොඩනැගිල්ලක සිරවී සිටි තිදෙනෙක් බෙල් 212 යානයකින් බේරා ගැනේ

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ. 

(0)Comments | November 27, 2025  5:10 pm

ශ්‍රී ලංකාව ආසන්නයේ සුළි කුණාටුවක්

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු අවපීඩනය අද(27) මීට කෙටි වේලාවකට පෙර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | November 27, 2025  4:53 pm

කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක්

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත ගුවන්යානා, ගොඩබැසීමට නොහැකි හදිසි වාතාවරණයක් ඇතිවුවහොත් එම ගුවන්යානා ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් යන ගුවන් තොටුපළ දෙක වෙත හරවා යැවීමට සැලසුම් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | November 27, 2025  4:42 pm

ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.

(0)Comments | November 27, 2025  4:09 pm