උණුසුම් පුවත්
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයි
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
2026-2030 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුමැතිය
'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම - 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි
රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි.
වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.
අදත් අකුණු සැරයි - පරිස්සමින් ඉන්න
මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත් සහ වව්නියා, මුලතිව් දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කපිල චන්ද්‍රසේනට ඇප
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (04) පැවැත්විණි.
ස්ටාලින් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් සුපිරි නළු තලපති විජේ ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.කේ.ස්ටාර්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කර තිබේ.
ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය විදුලි සේවකයින්ට වන්දි ලැබෙන දිනය
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
චීනයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක් - 21ක් මරුට
චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයැන්ග් (Liuyang) නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇත.
මැතිවරණ ජයග්‍රහණයට දිලිත්ගෙන් විජේට සුබ පැතුම්
තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝසප් විජේ චන්ද්‍රසේකර් සහ ඔහුගේ තරුණ, පෙරළිකාර දේශපාලන බලවේගය වන TVK පක්ෂයට සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිනුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.
රුපියල් ලක්ෂ විස්සකට අධික ගංජා හේනක් වටලයි - පුද්ගලයෙකු අත්අඩංගුවට
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හම්බෙගමුව කරපිංචාලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීකමදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.
අකුණුසැර වැදී පුද්ගලයෙකු මරුට
පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ දී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 10 වනදා මාතරට
වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ මීළඟ සම්මන්ත්‍රණය ලබන 10වන දින මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ.
මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට
මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77ක් හෙරොයින් ග්‍රෑම් 60ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 508,100.00ක මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යයි
මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.