උණුසුම් පුවත්

කොත්මලේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින අලුයම විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.

(0)Comments | August 4, 2026  10:21 am

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (04) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබේ.

(0)Comments | August 4, 2026  10:16 am

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 4, 2026  10:12 am

යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග 

නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

(0)Comments | August 4, 2026  10:02 am

නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | August 4, 2026  9:56 am

මහනුවර, කෑගල්ල සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

(0)Comments | August 4, 2026  9:44 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (04) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

(0)Comments | August 4, 2026  9:31 am

අයහපත් කාලගුණයෙන් ගම්පොළ 500ක් අවතැන්

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටව පවුල් 500ක් පමණ අවතැන්ව තිබේ.

(0)Comments | August 4, 2026  9:17 am

දෙමෝදර ගඟට පෙරළුණු ලොරිය

අද (04) අලුයම ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

(0)Comments | August 4, 2026  8:41 am

යතුරුපැදි සඳහා ප්‍රධාන මාර්ගවලට විශේෂ මංතීරුවක්

මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

(0)Comments | August 4, 2026  8:15 am

ජූලි මාසයේ සංචාරක පැමිණීමේ පහළ යාමක්

2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | August 4, 2026  8:00 am

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට ජාත්‍යන්තර විනිසුරු සංගමයේ කනස්සල්ල

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළකර තිබේ.

(0)Comments | August 4, 2026  7:34 am

ගංවතුර තත්ත්වයේ වර්ධනයක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අද දිනයේ තද වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 4, 2026  7:22 am

කොළඹ - නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි

ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

(0)Comments | August 4, 2026  6:55 am

අගෝස්තුවේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ

අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

(0)Comments | August 4, 2026  6:25 am

අයහපත් කාලගුණය මැද උසස් පෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 4, 2026  5:51 am

ආපදා මරණ 6ක් - අයෙක් අතුරුදන්

සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ.

(0)Comments | August 4, 2026  5:37 am

සබරගමුවට, මහනුවරට සහ නුවරඑළියට මි.මී 75ට වැඩි වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

(0)Comments | August 4, 2026  5:32 am

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 4, 2026  12:36 am

රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට CoPF අනුමැතිය

2026 වසර සඳහා වන අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ මැදපෙරදිග යුද තත්ත්වයෙන් සහ ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 3, 2026  10:07 pm

පස් කන්දක් කඩා වැටී අතුරුදන්ව සිටි සියලුදෙනාගේම සිරුරු සොයාගනී

හැටන්, ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම මෘත ශරීර සොයාගත් බව පොලිසිය පවසයි.

(0)Comments | August 3, 2026  10:04 pm

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම හෙට

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම හෙට (04) සිදු කිරීමට නියමිතව තිබේ. 

(0)Comments | August 3, 2026  9:35 pm

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 3, 2026  9:18 pm

ඛනිජ සම්පත් කැණීම හා ප්‍රවාහනය විධිමත් කිරීමට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

‍ෙකළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

(0)Comments | August 3, 2026  9:07 pm

පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්

කොළඹ පිටකොටුව කෙලින් වීථියේ වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

(0)Comments | August 3, 2026  8:04 pm