උණුසුම් පුවත්
රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිරියාවේ ISIS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ.
අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්
අද (20) පෙ.ව. 8.30 සිට ප.ව 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර
කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.
ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කරලා
වවුනියාව - ඊච්චන්කුලම ප්‍රදේශයේදී අද (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ.
‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් 47,000ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 47,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි
පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබේ.
රන්වලගේ සානුකම්පිත දීමනාව තුවාලකරුවන් ප්‍රතික්ෂේප කරයි
තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.
ආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්
මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබේ.
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී
පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය ද ජාතික ජන බලවේගය අද (19) පරාජයට පත්ව තිබේ.
රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබේ.
ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට අදහස් දෙන්න ජනතාවටත් අවස්ථාවක්
ත්‍රස්‍තවාදයට එරෙහි නව පනත පිළිබඳව ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.
පාලන මිල නොතැකූ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩයක්
පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.
නාය අවදානමක් හේතුවෙන් පුස්සැල්ලාවේ වෙළෙඳසැල් හතක් වසා දැමේ
ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙඳෙළසැල් 7ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද (19) වන විට එම ප්‍රමාණය 300,191ක් ලෙස වාර්තා වී ඇත.
ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.
ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
රත්නපුර මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින පරාජයට පත්ව තිබේ.
තුල්හිරියේ ඛේදවාචකය ගැන සංවේදී කතාවක්
වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.
සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සෝමාවතිය - සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.