උණුසුම් පුවත්
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
දුරගමන් යන මගීන්ට අද සිට ආසන වෙන් කිරීම ක්‍රම තුනකින්
දුරගමන් යන මගීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරවාගැනීමේදී මින් ඉදිරියට රුපියල් 30ක් වැනි සුළු මුදලක් පමණක් ගෙවීමට සිදු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නෑ -ජනපති
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
සංචාරක නෞකාවක වෛරසයක් ව්‍යාප්ත වී තිදෙනෙක් මරුට - තවත් පිරිසකට අසාධ්‍යයි
අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී සංචාරක නෞකාවක ඇති වූ බවට සැක කෙරෙන ‘හන්ටා වෛරස’ (Hantavirus) ව්‍යාප්තියක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් - ළමුන් දෙදෙනෙකුත් ඒ අතර
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බවත් ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජූලි 01 දා සිට සංශෝධනය වන වැට් බදු ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
එකතු කළ අගය මත පැනවෙන බද්ද එළැඹෙන ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නඩු තීන්දු ගැන ජනපති කළ ප්‍රකාශයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විමර්ශනයක් ඉල්ලයි
මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් සිදු කරයි.
මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි.
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් x සටහනක්
රජය විසින් ජූලි 1වනදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත (වැට්) බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට
ප්‍රංශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් ඊයේ (03) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.
මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.
විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
හොරාට මැණික් ගැරූ 07ක් කොටුවෙයි
නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
මාරක අනතුරු දෙකක් - දැරියක් ඇතුළු තිදෙනෙකු මරුට
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ රිය අනතුරුවලින් දැරියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට
අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්
රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බෝතලයකින් පහරදී මිතුරාව ඝාතනය කරලා
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ.
මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට
එක්සත් ජනපදය, ඉරානය සමඟ ඉතා සාධනීය මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇත.