උණුසුම් පුවත්
තුල්හිරියේ ඛේදවාචකය ගැන සංවේදී කතාවක්
වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.
සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සෝමාවතිය - සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
නීතිඥවරියකට තග දැමූ රන්ජන් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනපති අද පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්
මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුවී ඇතැයි තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණ කළේය.
හෙට සිට ක්‍රියාත්මක වෙන බදුල්ල - අඹේවෙල දුම්රිය කාලසටහන
හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවල අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි
දිට්වා' සුළි කුණාටුව' හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 29,649ක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
'Rebuilding Sri Lanka'අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි
'Rebuilding Sri Lanka' අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
GovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 2 පසු කරයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay, 2025 වසර නිමාවට පත් වනවිට රුපියල් බිලියන 2ක සමස්ත ගනුදෙනු වටිනාකම ඉක්මවා ගොස් තිබේ.
උඩදුම්බර සහ වලපනේ නායයෑමක් - අවධානයෙන් ඉන්න
ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
2026 පාපන්දු ලෝක ශූරයින්ට අති විශාල ත්‍යාග මුදලක්
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව FIFA නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය ඇරඹෙයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩතහනම් කරයි
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතය.
ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස උඩදුම්බරට - ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි
අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි
අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 මේ වනවිට විවෘත කර තිබේ.
දිවයින පුරා විශේෂ මෙහෙයුම් - පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට
දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහේනේ පිහි ඇනුමක් - අයෙක් මරුට
කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය.
ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ආපදාවලින් විපතට පත් 66,132ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට වැඩි ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ වැසි
ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.