උණුසුම් පුවත්

2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ 

2026 වසරේ තෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

(0)Comments | August 3, 2026  3:28 pm

කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි ත්‍රීවරතාවයකින් යුතුව සැලකිය යුතු වර්ශාපනයක් ලැබී තිබේ.

(0)Comments | August 3, 2026  3:10 pm

පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක්

මහවැලි ගඟේ ජල මට්ටම මේ වනවිට පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | August 3, 2026  2:55 pm

මහනුවරත් සියලු පාසල් හෙට වැසෙයි

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට තීරණය කර තිබේ.

(0)Comments | August 3, 2026  2:38 pm

කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද පස්වරු 3ට විවෘත කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැළෙන අධික වැසි හමුවේ ජලාශයේ ආරක්ෂාවට හා ජලාශවලට පහළ ඇති විය හැකි අධි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු ක්‍රමානුකූලව විවෘත කරන බව මහවැලි අධිකාරිය පවසයි.

(0)Comments | August 3, 2026  2:38 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක්

කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

(0)Comments | August 3, 2026  2:13 pm

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට වැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂවරයා පවසයි.

(0)Comments | August 3, 2026  2:09 pm

අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. 

(0)Comments | August 3, 2026  2:08 pm

හරක් කටාට ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (03) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

(0)Comments | August 3, 2026  1:47 pm

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනය නුසුදුසු බව දන්වමින් මහානාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අනාවරණ කර සිටී.

(0)Comments | August 3, 2026  1:27 pm

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 3, 2026  1:20 pm

අයහපත් කාලගුණයෙන් පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

(0)Comments | August 3, 2026  1:18 pm

අග්‍ර ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දීමක්

ඇතිවූ අධික වැසි තත්ත්වය හේතුවෙන් අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කිරීමට සිදුව ඇති බැවින් අග්‍ර ඔයේ ජල මට්ටම වැඩි වීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | August 3, 2026  1:17 pm

කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ගය වසා දමයි

මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබේ.

(0)Comments | August 3, 2026  1:15 pm

හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි - වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටී

අධික වර්ෂාවත් සමඟ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 3, 2026  12:54 pm

දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රදේශ සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත.

(0)Comments | August 3, 2026  12:36 pm

දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි

කාසල්රී ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් අද (03) දින ජලයෙන් යට වී ඇත.

(0)Comments | August 3, 2026  12:17 pm

118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කෙරේ

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂය පථයන්ට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධව මහජන පැමිණිලි ලබාදීමේ '118 මහජන ආරක්ෂක සේවා මැදිරිය' විවෘත කිරීම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණි. 

(0)Comments | August 3, 2026  12:01 pm

තද වැසි සහ සුළං ඉදිරි පැය 24 තුළත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

(0)Comments | August 3, 2026  11:57 am

බන්ධනාගාර තදබදය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගැන සාකච්ඡාවක්

බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 

(0)Comments | August 3, 2026  11:53 am

කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා පෙරේදා දින ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන අදියර 01 යටතේ නිකුත් කර තිබුණි.

(0)Comments | August 3, 2026  11:51 am

යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

(0)Comments | August 3, 2026  11:32 am

'හරක් කටාගේ' ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

(0)Comments | August 3, 2026  11:26 am

නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී තිබේ.

(0)Comments | August 3, 2026  11:12 am

ආවාස ගෙයකට පස් කන්දක් කඩා වැටෙයි

මධ්‍යම කඳුකරයට මෙම දිනවල ඇඳහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද (03) අලුයම 2.30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් හදිසි අනතුරක් සිදුවී තිබේ.

(0)Comments | August 3, 2026  11:02 am