උණුසුම් පුවත්

කොටහේනේ පිහි ඇනුමක් - අයෙක් මරුට

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | December 18, 2025  9:30 pm

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය.

(0)Comments | December 18, 2025  9:23 pm

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 18, 2025  8:44 pm

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

(0)Comments | December 18, 2025  8:05 pm

ආපදාවලින් විපතට පත් 66,132ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට වැඩි ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 18, 2025  7:43 pm

උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ වැසි

ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(0)Comments | December 18, 2025  7:29 pm

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට - අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

(0)Comments | December 18, 2025  6:47 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක සහ ආරක්ෂක නි.ඇමති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර අතර හමුවක්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

(0)Comments | December 18, 2025  6:28 pm

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්

මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

(0)Comments | December 18, 2025  5:59 pm

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපාි පියසේන මහත්මිය පැවසීය.

(0)Comments | December 18, 2025  5:57 pm

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 18, 2025  5:46 pm

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් එළැඹෙන 20වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

(0)Comments | December 18, 2025  4:51 pm

හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් සිහි කැඳවීමක්

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | December 18, 2025  4:25 pm

වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

(0)Comments | December 18, 2025  4:13 pm

මිනුවන්ගොඩට තද සුළං

මිනුවන්ගොඩ - හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක් පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

(0)Comments | December 18, 2025  3:56 pm

ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | December 18, 2025  3:30 pm

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්

තීන්දුවට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

(0)Comments | December 18, 2025  2:27 pm

දෙහිවල ඝාතනයට 'මුට්ටියා' අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද පෙරේරා නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 18, 2025  1:57 pm

'දිට්වා' ට මුහුණදෙන්න සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

(0)Comments | December 18, 2025  12:36 pm

උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් - අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | December 18, 2025  11:54 am

පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

(0)Comments | December 18, 2025  11:52 am

මිලියන 330ක දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 18, 2025  11:10 am

දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | December 18, 2025  10:48 am

නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | December 18, 2025  10:39 am

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට -  පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

(0)Comments | December 18, 2025  10:34 am