උණුසුම් පුවත්

යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

(0)Comments | August 3, 2026  11:32 am

'හරක් කටාගේ' ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

(0)Comments | August 3, 2026  11:26 am

නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී තිබේ.

(0)Comments | August 3, 2026  11:12 am

ආවාස ගෙයකට පස් කන්දක් කඩා වැටෙයි

මධ්‍යම කඳුකරයට මෙම දිනවල ඇඳහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද (03) අලුයම 2.30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් හදිසි අනතුරක් සිදුවී තිබේ.

(0)Comments | August 3, 2026  11:02 am

අරණායක සමුපකාරයේ කාරක සභා මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමා සහිත අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ 2026 වසර සඳහා පැවති කාරක සභා මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.

(0)Comments | August 3, 2026  10:52 am

ගතවූ පැය 24 තුළ වටවලට මි.මී 200 ඉක්මවූ වැසි

අද (03) උදෑසන 6ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 200කට අධික වර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

(0)Comments | August 3, 2026  10:50 am

පේරාදෙණිය සරසවි‍යේ සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

(0)Comments | August 3, 2026  10:49 am

ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යට වී ඇත.

(0)Comments | August 3, 2026  10:42 am

තවත් බහාලුමක් වෙරළට ගොඩගසයි

රත්ගම පොලිස් වසමේ ඕවකන්ද හන්දිය ආසන්න වෙරළ තීර⁣යට අද (03) උදෑසන බහාලුමක් ගොඩගසා තිබේ.

(0)Comments | August 3, 2026  10:25 am

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

(0)Comments | August 3, 2026  9:54 am

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසා තිබේ.

(0)Comments | August 3, 2026  9:09 am

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.

(0)Comments | August 3, 2026  9:04 am

දුම්වැටි තොගයක් සමග චීන කතක් අත්අඩංගුවට

රුපියල් තිස් ලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 3, 2026  8:44 am

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොළ තොගයක් මීගමුවේ දී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 234කට අධික තොගයක් මීගමුව, බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේදී සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය සමත්ව තිබේ.

(0)Comments | August 3, 2026  8:19 am

මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිතව සැලකිය යුතු වර්ෂාපතනයක්

ගතවූ පැය 24ක කාලය තුළ ලැබුණු වර්ෂාපතනයන් හමුවේ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 3, 2026  7:26 am

බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරින් 20ක් රෝහලට

කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද (03) උදෑසන 6:15ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

(0)Comments | August 3, 2026  7:23 am

අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

(0)Comments | August 3, 2026  7:09 am

මහර බන්ධනාගාර සිද්ධිය ගැන රස පරීක්ෂක නිරීක්ෂණය අද

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයන් අද (03) සිදු කරන බව පොලිසිය පවස‍යි.

(0)Comments | August 3, 2026  6:22 am

ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

(0)Comments | August 3, 2026  5:53 am

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 3, 2026  5:36 am

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

(0)Comments | August 3, 2026  5:19 am

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පොලිස් ස්ථානයක් පිටත සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

(0)Comments | August 2, 2026  10:43 pm

අරාබි මුහුදේ නෞකා 35ක් වෙනත් මාර්ගවලට යොමු කළ බව CENTCOM කියයි

අරාබි මුහුදේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුම් අතරතුර වාණිජ නෞකා 35ක ගමන් මාර්ග වෙනස් කර ඇති බවත්, නෞකා දෙකක් අක්‍රීය කර තවත් නෞකා දෙකක් තම පාලනය යටතට ගනිමින් පරීක්ෂා කළ බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන මණ්ඩලය පවසයි.

(0)Comments | August 2, 2026  9:38 pm

නැවත දැනුම්දෙනතුරු මුහුදු නොයන්නැයි දැනුම්දීමක්

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු අගවා තිබේ.

(0)Comments | August 2, 2026  8:53 pm

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15ක්

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ. ගැටුම හේතු සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙහිදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

(0)Comments | August 2, 2026  8:24 pm