උණුසුම් පුවත්

මිලියන 330ක දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 18, 2025  11:10 am

දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | December 18, 2025  10:48 am

නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | December 18, 2025  10:39 am

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට -  පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

(0)Comments | December 18, 2025  10:34 am

රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | December 18, 2025  10:22 am

විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව අද (18)  කැඳවන ලද පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.

(0)Comments | December 18, 2025  9:33 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | December 18, 2025  9:09 am

කබලෙන් ළිපට වැටුණු ගාසා වැසියන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජන ජීවිතට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

(0)Comments | December 18, 2025  8:47 am

අත්පා සහ මුඛය ගැට ගසා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් කැලෑවකින් හමුවෙයි

මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී ඇත.

(0)Comments | December 18, 2025  8:46 am

අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්

දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | December 18, 2025  8:07 am

මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | December 18, 2025  7:51 am

වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලීසිය සමත්ව තිබේ.

(0)Comments | December 18, 2025  7:29 am

පුද්ගලයෙකුට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවක්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ.

(0)Comments | December 18, 2025  7:00 am

ඌව සහ මධ්‍යම පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මි.මී 75 ඉක්මවූ වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

(0)Comments | December 18, 2025  6:24 am

රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාළව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 17, 2025  10:10 pm

අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙකුගේ සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවම් සහ දඩ නියම වී සිටි හිටපු ග්‍රාම නිලධාරියෙකු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය එම දඬුවම තහවුරු කිරීමට තීන්දු කර තිබේ.

(0)Comments | December 17, 2025  8:45 pm

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකර ගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

(0)Comments | December 17, 2025  7:28 pm

ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ තුර්කි ගුවන්යානය දිවයිනෙන් යයි

ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

(0)Comments | December 17, 2025  6:39 pm

‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක් 

'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

(0)Comments | December 17, 2025  6:34 pm

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු ඇපමත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද (17) නියෝග කළේය.

(0)Comments | December 17, 2025  5:50 pm

යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත.

(0)Comments | December 17, 2025  5:18 pm

මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | December 17, 2025  5:14 pm

වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

(0)Comments | December 17, 2025  5:00 pm

ඉදිරි පැය 36 සඳහා - ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 17, 2025  4:44 pm

දිල්ලියේ වායු දූෂණය නවත්වන්න නව නීති මාලාවක්

දිල්ලියේ වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා නව නීති මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

(0)Comments | December 17, 2025  4:05 pm