උණුසුම් පුවත්

උඩවලව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක ජල කප්පාදුවක්

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | June 17, 2026  6:22 am

ප්‍රංශයෙන් සෙනගාලයට එරෙහිව සුපිරි ආරම්භයක්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය යටතේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම සෙනගාලය ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත් විය.

(0)Comments | June 17, 2026  6:08 am

අමෙරිකාවේ ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් සිදුවීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබේ.

(0)Comments | June 17, 2026  5:48 am

මුදල් වංචාවකට මෙරට පුරවැසිභාවය ගත් ඉන්දියානුවෙක් අත්අඩංගුවට

විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් රුපියල් 4,990,000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

(0)Comments | June 17, 2026  5:28 am

පළාත් කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. 

(0)Comments | June 17, 2026  5:20 am

රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

(0)Comments | June 17, 2026  12:02 am

පොලිස් සේවය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට QR කේතයක්

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් හඳුන්වා දී තිබේ.

(0)Comments | June 16, 2026  10:00 pm

විදේශගත ලාංකිකයින්ට පැමිණිලි කියන්න LankaKonect නමින් APP එකක්

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මනින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටලු යොමු කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

(0)Comments | June 16, 2026  9:39 pm

ඌණ උපයෝජිත ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමට සැලසුම්

රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි. 

(0)Comments | June 16, 2026  9:05 pm

CID අධ්‍යක්ෂ ශානි තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

(0)Comments | June 16, 2026  8:19 pm

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපතිට භාරදෙයි

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දෙන ලදී. 

(0)Comments | June 16, 2026  7:51 pm

පාතාල කල්ලි සාමාජික සමන් කොල්ලාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට

ප්‍රබල පාතාල සාමාජිකයෙකු බව කියන සමන් කොල්ලා නැමැත්තාගේ මත්කුඩු ජාවාරම  මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 16, 2026  7:18 pm

සංචාරක සංවර්ධන කාර්යසාධක බලකාය රැස් වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ රැස් විය.

(0)Comments | June 16, 2026  6:36 pm

ජුනි මාසයේ ගෙවුණු දින 14ට සංචාරකයින් 54,465ක් මෙරටට ඇවිත්

ජුනි මාසයේ මුල් දින 14 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 54,465ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | June 16, 2026  5:43 pm

කෝටි 2කට පෞරාණික පාෂාණයක් අලෙවි කිරීමට ගිය 5ක් පුල්මුඩේදී කොටු වෙයි

පෞරාණික වටිනාකමකින් යුත් බවට සැකකෙරෙන දුර්ලභ පාෂාණයක් රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් පස් දෙනෙකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 16, 2026  5:33 pm

මීගොඩ දන්සලේ අනතුරට අදාළ කැබ් රථ රියදුරු ඇතුළු සැකකරුවන් නැවතත් රිමාන්ඩ්

මීගොඩ ප්‍රදේශයේදී පසුගිය වෙසක් දින පැවති දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(0)Comments | June 16, 2026  5:01 pm

චීනයේ ප්‍රබල භූමිකම්පාවක්

වයඹදිග චීනයේ චින්හයි ප්‍රාන්තයේ හයිසි ප්‍රදේශයට රික්ටර් පරිමාණ 6.3 ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

(0)Comments | June 16, 2026  4:49 pm

කටුනායක ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තය පුළුල් කිරීමට සැලසුම්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්ත පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

(0)Comments | June 16, 2026  4:40 pm

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට 

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

(0)Comments | June 16, 2026  4:32 pm

සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළි කරමින් විමර්ශනවලට සහාය වීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | June 16, 2026  3:57 pm

උඩවලව සහ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | June 16, 2026  3:50 pm

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ

'දිට්වා' ආපදා තත්ත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බළකාය රැස් විය.

(0)Comments | June 16, 2026  3:22 pm

ඩෙංගු කීටයින් බෝවීම වැඩිම පාසල් පද්ධති ආශ්‍රිතව - ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

මේ දක්වා සිදුකළ ඩෙංගු පරීක්ෂාවේදී පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | June 16, 2026  3:13 pm

එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර ඇමති නලින්ද කියයි

ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල් -නිනෝ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර ඊට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | June 16, 2026  2:44 pm

පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී

අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ දේශපාලන මැදිහත්වීම් දැඩි සේ හෙළා දකින බව දිනන දකුණු සාමුහිකය පවසයි.

(0)Comments | June 16, 2026  2:07 pm