උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගිය කාන්තාවක් කොකේන් සමග අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය ගුවන් යානයකින් පැමිණි කාන්තාවක් සතුව තිබී ඉන්දීය රුපියල් කෝටි 47ක පමණ වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

(0)Comments | November 1, 2025  4:03 pm

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනය හිමිකරුවෙකු එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(0)Comments | November 1, 2025  4:00 pm

පොලීසියට සද්දේ දාන කාන්තාව ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

උඩුගම්පොළ සතිපොළ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙන කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට පොලීසිය කරුණු පැහැදිලි කර තිබේ.

(0)Comments | November 1, 2025  2:15 pm

වැලිගම සභාපති ඝාතනයට පැමිණි යතුරුපැදිය කැළෑවකින් හමුවෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල - කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබී සොයාගෙන තිබේ.

(0)Comments | November 1, 2025  1:28 pm

චීනය 'සෙන්ජෝ-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි

හෙවන්ලි පැලස් (Heavenly Palace) හෙවත් දිව්‍ය මාලිගය ලෙස හැඳින්වෙන චීනයේ ටිඇන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත 'Shenzhou-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට චීනය කටයුතු කළේය.

(0)Comments | November 1, 2025  1:25 pm

උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04 මැදියම් රැයෙන් තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | November 1, 2025  12:57 pm

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරේ වෙනසක්?

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

(0)Comments | November 1, 2025  12:41 pm

රුමේනියාවේ රැකියා දෙන බව පවසා කෝටි 74ක් වංචාකළ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 74කට අධික මුදලක් වංචාකළ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | November 1, 2025  12:37 pm

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ.

(0)Comments | November 1, 2025  12:15 pm

රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර තිබේ. 

(0)Comments | November 1, 2025  11:54 am

ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයන් ගැන සංගම් දැඩි තීරණයක

ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි. 

(0)Comments | November 1, 2025  11:37 am

ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට ?

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

(0)Comments | November 1, 2025  11:26 am

ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

(0)Comments | November 1, 2025  11:18 am

ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | November 1, 2025  10:47 am

අද සිට ක්‍රියාත්මක ෂොපිං බෑග් නීතිය මෙන්න

අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ.

(0)Comments | November 1, 2025  9:21 am

නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.

(0)Comments | November 1, 2025  8:44 am

වෙඩිතබා පලාගොස් සිටි අයෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකදී වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | November 1, 2025  6:41 am

අද පස්වරුවේ තැනින් තැන වැසි 

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

(0)Comments | November 1, 2025  6:20 am

IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

(0)Comments | October 31, 2025  10:14 pm

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ දී මාරක අනතුරක්

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | October 31, 2025  8:30 pm

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

(0)Comments | October 31, 2025  7:29 pm

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

(0)Comments | October 31, 2025  6:23 pm

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් මෙරට සංචාරයකට සැරසෙයි

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නොවැම්බර් 3 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

(0)Comments | October 31, 2025  6:08 pm

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවීමක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | October 31, 2025  5:38 pm

කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට

යාපනය ඩෙෆ්ට් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | October 31, 2025  5:37 pm