උණුසුම් පුවත්
බදාදා දුම්රිය කාලසටහන් ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීමට නව වට්ස්ඇප් අංකයක්
බස්නාහිර පළාත තුළ අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.
ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්
යුධමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වුණි.
ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්
මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන් - CPC
ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතයේ ගැටලු බොහෝ ප්‍රමාණයක් මේ වන විට නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.
කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන හැටි ඇමති හඳුන්නෙත්ති කියයි
කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා රජය විශේෂ ක්‍රමවේදයක් යටතේ කටයුතු කරමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි - ජනපති කියයි
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
ඉන්ධන රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරයා හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
පොදු එකඟතා මත සකස් කළ අවුරුදු නැකැත් සීට්ටුව එළි දකියි
අලුත් අවුරුදු නැකැත් සම්පාදනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවෙන් පසු ඇති කරගත් එකඟතා මත සකස් කරන ලද ඒකාබද්ධ නැකත් සීට්ටුව එළි දක්වා තිබේ.
ජනපතිගෙන් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් රජයට යෝජනාවක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, සැපයුම් මාර්ගවලට බාධා ඇතිවීම සහ ඉන්ධන සපයන රටවල් අතර ඇතිවිය හැකි අස්ථාවත්නයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සීමාකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් දුම්රිය සේවාව ශක්තිමක් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
QR ගැටලුව විසඳන හැටි ඇමති නලින්ද පහදයි
ඉන්ධන ලබාගැනීමේදී භාවිතාකරන QR කේතයට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ ආරක්ෂක ප්‍රධානියා මරුට
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
බදාදාට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක්
පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
QR එකට පිටින් යන ෂෙඩ්වලට තෙල් සංස්ථාවෙන් සද්දයක්
QR ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම ගැන දැනුම්දීමක්
උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ, පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ආර්ථික කටයුතු යථාවත්කිරීම වෙනුවෙන් අධීක්ෂණ කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය
ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජිවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු 04ක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ බදාදා නිවාඩුව ගැන චක්‍රලේඛය නිකුත් වෙයි
රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කැබිනට් තීරණ මෙන්න
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
හෙට පාර්ලිමේන්තු නෑ
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කර තිබේ.
ගම්මන්පිලගේ නඩුව කල්යයි
ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු 27 යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය කළමනාකරණයට කමිටු තුනක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කමිටු තුනක් පත් කර ඇති බවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.
විදුලි කප්පාදුවක් ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක්
සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.