උණුසුම් පුවත්

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

(0)Comments | October 31, 2025  6:23 pm

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් මෙරට සංචාරයකට සැරසෙයි

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නොවැම්බර් 3 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

(0)Comments | October 31, 2025  6:08 pm

අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවීමක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | October 31, 2025  5:38 pm

කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට

යාපනය ඩෙෆ්ට් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

(0)Comments | October 31, 2025  5:37 pm

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

(0)Comments | October 31, 2025  5:17 pm

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර ආණ්ඩුකාරවරයා පත් කෙරේ

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ.

(0)Comments | October 31, 2025  5:02 pm

අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 31, 2025  4:52 pm

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු STC සභාපතිට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | October 31, 2025  4:28 pm

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් එක්සත් රාජධානියේ නිල සංචාරයක

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත විය.

(0)Comments | October 31, 2025  4:13 pm

ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව උතුරේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු සම්පත් දායකයෝ ලෙස එක්වූහ.

(0)Comments | October 31, 2025  4:05 pm

මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ (30) ආරම්භ වී තිබේ.

(0)Comments | October 31, 2025  3:49 pm

සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ සිදුවීම් ඉහළට

සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ යූටියුබ් නාලිකා මගින් විදේශ රැකියා සඳහා මුදල් වංචා කරන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා කාර්යාංශය පවසයි.

(0)Comments | October 31, 2025  3:25 pm

රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 971ක් අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුමට අනුව පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදීම වැටලීම් 987කදී සිදු කර තිබේ.

(0)Comments | October 31, 2025  2:37 pm

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

(0)Comments | October 31, 2025  2:35 pm

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට දැනුම්දීමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

(0)Comments | October 31, 2025  1:55 pm

කලවානේ වෙඩිතැබීමක්

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | October 31, 2025  1:31 pm

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

(0)Comments | October 31, 2025  1:09 pm

හිටපු STC සභාපති අල්ලස් දැලේ

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 31, 2025  12:44 pm

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා සඳහන් කළේය.

(0)Comments | October 31, 2025  12:09 pm

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ.

(0)Comments | October 31, 2025  11:52 am

'GovPay' හරහා සිදුකළ ගෙවීම් රු. මිලියන 750 ඉක්මවයි

ශ‍්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද 'GovPay' මගින් රුපියල් මිලියන 750කට අධික ගෙවීම් ප‍්‍රමාණයක් සිදුකර තිබේ.

(0)Comments | October 31, 2025  11:38 am

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චිට ඇප

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

(0)Comments | October 31, 2025  11:18 am

පොලිස්පති පාර්ලිමේන්තුවට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

(0)Comments | October 31, 2025  10:54 am

ලොව උසම පල්ලිය බවට 'සග්‍රඩා ෆැමිලියා' පත්වෙයි

ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව ඇත.

(0)Comments | October 31, 2025  10:29 am

දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ.

(0)Comments | October 31, 2025  10:12 am