උණුසුම් පුවත්
සිරිපා වන්දනා සමය හෙටින් අවසන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්ද යන්න විමසමින් සර්වජන බලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට උපදේශක කාරක සභාවේ අනුමැතිය
2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි.
කපිල චන්ද්‍රසේනගේ නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද ? නැද්ද?
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය කැඳවනවාද? නැද්ද? ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත්කෙරේ.
නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කෙරේ
නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ.
කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්
පැවති වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකියි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි
හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පසුපස තිබූ වංචාවක් අනාවරණය කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මධ්‍යම අධිවේගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
කිලෝ 3කට අධික මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට
බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබේ.
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.
මාතර - හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අවට මාර්ගවල අද (29) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ.
දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 14ක් රේගු භාරයට
රුපියල් මිලියන 20.73ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුවෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්
පේදුරුතුඩුව සහ කර්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අපි එකතුවෙලා තියෙන්නේ රට ජයග්‍රහණය කරවන්න - දිලිත්
සර්වජන බලය පක්ෂය සතුව ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළ නොවන බවත්, එය රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ වැඩපිළිවෙළක් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි - ඉන්ධන සහනාධාරය ගැනත් කියයි
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අද (28) අනුමැතිය හිමිවිය.
රථ වාහන වැරදි කළැයි පොලීසිය නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක්
රථ වාහන වැරදි සිදුකරන රියැදුරන්ට, අදාළ දඩ මුදල් ගෙවීම සඳහා පිවිසීමට GOV PAY වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
‘ශ්‍රී ලාංකීය - ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකාව, කලාපීය සහයෝගීතාවයට සහ ජාත්‍යන්තර සබඳතාවන්ට කැපවූ, විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.