උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස් තිබේ.
හෙට දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක්
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙට (29) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
ආපදා තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්
මෙරට දැනට උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (28) දින සිට එළැඹෙන 04 වැනිදා දක්වා සතියක කාලයක් මහජනතාවට සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
''ආපදා ප්‍රදේශවල සිටින විශ්වවිද්‍යාල නේවාසික සිසුන් සුරක්ෂිතයි''
ආපදාවට ලක්ව ඇති පුලතිසිපුර සහ මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකව රැඳී සිටින ගුරු සිසුන් සහ නැගෙනහිර, අග්නිදිග, ඌව වෙල්ලස්ස සහ පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවල නේවාසිකව රැඳි සිටින සියලු සිසුන් සුරක්ෂිතව සිටින බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.
විපතට පත් ජනතාව සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පරිත්‍යාගයක්
පාකිස්තාන තරග සංචාරයේ ලැබෙන සියලුම මුදල් සහ තරග ගාස්තු ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබේ.
සුළිකුණාටුව ගැන සති දෙකකට පෙර කාලගුණ ප්‍රධානියා දෙරණට ඇවිත් කියූ අනාවැකිය
පසුගිය නොවැම්බර් 12 දින විකාශය වූ දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, අද වන විට උද්ගතව ඇති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය.
විදුලිබලය සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක ජනතාවට ඉවත් වන්නැයි රතු නිවේදන
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
රට පුරා ආපදා - මරණ 69 දක්වා ඉහළට - 34ක් අතුරුදන්
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනේ සිට කොළඹ ආ දුම්රිය මගීන් 700ක් සමඟ අනුරාධපුරයේ දී කොටුවෙයි
ඊයේ (27) රාත්‍රියේ යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, මාර්ගය ජලයෙන් යටවීම හා ගස් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.
ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 50ක් වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
දොම්පේ, බියගම, කැලණිය ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක් - ''හැකි ඉක්මනින් ඉවත්වන්න''
දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.
ජලාශ වේලි ඉරිතලා ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි
රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වේලි ඉරිතලා ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
පවතින තත්ත්වය හමුවේ කඳුකරයේ ඕනෑම ස්ථානයක් නායයෑමේ අවදානමක්
දැනට පවතින ආපදා තත්ත්වය අනුව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගැලණිගම - කහතුඩුව අතර අධිවේගී මාර්ගයේ නායයෑමේ අවදානමක්
පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් ගැලණිගම සහ කහතුඩුව අතර අධිවේගී මාර්ගයේ නායයෑමේ අවදානමක් ඇති විය හැකි බැවින් එහි මං තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ.
අයහපත් කාලගුණය ගැන ඉන්දීය අගමැති කනස්සල්ල පළකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
පවතින තත්ත්වය අනුව දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි
පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි.
හසලක නායයෑමකින් 05දෙනෙකු මරුට - තවත් 12දෙනෙකු අතුරුදන්
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.
ගම්පහ නගරයට විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක්
අද (28) දින සවස් කාලයේ දී දුම්රිය ගමන්වාර කිහිපයක් බස්නාහිර පළාත තුළ පමණක් ධාවනයට එක්කර තිබේ.
යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යටවෙයි - පියා මරුට
අධික සුළං සමඟ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී එකම පවුලේ හතරක් යට වී ඇත.
මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු බේරා ගැනේ
පොළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.
කටුනායකට පැමිණීමට නියමිත ගුවන්යානා කිහිපයක් අවලංගුයි- තවත් යානා රැසක් හරවා යැවේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා කිහිපයක්, සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.