උණුසුම් පුවත්
ලබුගම සහ කලටුවාවේ ජල මට්ටම ගැන දැනුම්දීමක්
ඉදිරි මාස තුන තුළ දී වර්ෂාපතනය නොලැබුණ ද ලබුගම සහ කලටුවාව ජලාශවල පවතින ජල මට්ටම අඛණ්ඩ ජල සැපයුමක් සඳහා අදාළ කාලසීමාව සඳහා ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (30) පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
විශේෂ රථ වාහන මෙහෙයුමක් - රියදුරන් 24කට තහනම් නියෝග
වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකින් රියදුරන් 24දෙනෙකුට විරුද්ධව තහනම් නියෝග ගෙන තිබේ.
දුරකථනයට ඇබ්බැහි වීමෙන් පවුල් සංස්ථාව බිඳ වැටිලා -කාදිනල් හිමි
වර්තමාන සමාජයේ ජංගම දුරකථන සහ නව තාක්ෂණයට ඇබ්බැහි වීම හේතුවෙන් පවුල් සංස්ථාව සහ මානව සබඳතා බිඳ වැටී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.
සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ.
1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්
යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.
මත්ද්‍රව්‍ය සමඟ දෙහිවල පොලිස් ස්ථානයේ SI අත්අඩංගුවට
දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල, පල්ලියවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර සහ සබරගමුව ඇතුළු තැන් කිහිපයකට මි.මී 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.
කතරගම ඇසළ පෙරහැර නැරඹීමට ජනාධිපති එක්වෙයි
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (29) පැවැත්වෙන අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පැමිණියේය.
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට ලක්ෂ 02ක අලාභයක් ගෙවන්නැයි නියෝග
පවුල් ආරවුලක් විසඳාගැනීමට අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක නැග විරෝධය පළ කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය ගෙවන ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අදාළ පුද්ගලයාට නියෝග කර තිබේ.
චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට
පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම 'මෙට්‍රෝ' බස් රථ 104ක් අද (29) දින මෙරටට ළඟා වී තිබේ.
බෙන්තොට වෙරළේ පැරා මෝටර් අනතුරකින් විදෙස් කාන්තාවක් මරුට
බෙන්තොට වෙරළ ප්‍රදේශයේ සිදු වූ පැරා මෝටර් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට 2025 වසරේ පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කෙරේ
කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු හතක් ඒකමතිකව සම්මත කර ගනියි
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවල හැර ඉදිරියට ගෙන යාමෙන් වැළැකී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශීය ආයෝජක විශ්වාසය ඉහළට
අමෙරිකාවේ S&P ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ආයෝජක විශ්වාසය තහවුරු කරන 'හුවමාරු සහ පරිවර්තන දර්ශකය'ට අනුව ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ.
ගිනිබත් වුණු ප්ලාස්ටික් බඩු කඩේ...
මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය කෘෂි ඇමති හෙළි කරයි
යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.
රජයට වරමක් ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවේ - විපක්ෂ නායක
ජනාධිපතිවරයාට රටේ බලයට වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පැවසීය.
වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලබයි
NEW GENERATION SRI LANKA YOUTH TOP 40 AWARDS -2026 සම්මාන උලෙළේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය.