උණුසුම් පුවත්

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

(0)Comments | October 28, 2025  10:54 am

කැරට් 22 රන් මිල ලක්ෂ 3න් පහළට

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.

(0)Comments | October 28, 2025  10:31 am

ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

(0)Comments | October 28, 2025  10:19 am

ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.

(0)Comments | October 28, 2025  9:06 am

මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක් - ළමා ගැබ් ගැනීම් පැමිණිලි 62ක්

‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

(0)Comments | October 28, 2025  8:55 am

බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් යානයක් ‍පළමුවරට අද මත්තලට

‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ.

(0)Comments | October 28, 2025  8:36 am

ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | October 28, 2025  7:54 am

‍පා.ම හිස්බුල්ලාට ඩොලර් මිලියන 2ක වංචාවක් කළ ගානා ජාතිකයින් අත්අඩංගුවට

‍පාර්ලිමේන්තු මන්ත්‍රි මුහම්මද් හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ගානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | October 28, 2025  7:47 am

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරයි

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | October 28, 2025  7:01 am

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය.

(0)Comments | October 28, 2025  6:57 am

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා 21 හැවිරිදි විදේශිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 28, 2025  6:42 am

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

(0)Comments | October 28, 2025  6:20 am

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

(0)Comments | October 27, 2025  10:29 pm

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට   

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී අද (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.

(0)Comments | October 27, 2025  10:05 pm

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

(0)Comments | October 27, 2025  9:46 pm

බූස්ස බන්ධනාගාරයේ තිබී දුරකතන 14ක් සොයාගනී

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබේ.

(0)Comments | October 27, 2025  8:54 pm

වැලිගම සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | October 27, 2025  7:57 pm

ධීවර හා නාවික ප්‍රජාවට නිවේදනයක්

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මොන්තා" සුළි කුණාටුව  අද උදෑසන මුලතිව් සිට කිලෝමීටර 600ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | October 27, 2025  7:13 pm

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | October 27, 2025  6:29 pm

සිපෙට්කෝ ලිහිසි තෙල් වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක්

ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ආරම්භ කරන ලදී.

(0)Comments | October 27, 2025  6:24 pm

බන්ධනාගාර රැඳවියන්ගේ මරණීය තර්ජන ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්

බන්ධනාගාරගතව සිටින රැඳවියන් කිහිප දෙනෙකු විසින් බාහිර පුද්ගලයින්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්.

(0)Comments | October 27, 2025  6:06 pm

දරුවා ඝාතනය කළ මව සියදිවි නසාගනී

බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

(0)Comments | October 27, 2025  5:36 pm

නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප

මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇයගේ රියදුරා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.

(0)Comments | October 27, 2025  5:18 pm

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

(0)Comments | October 27, 2025  4:51 pm

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධනයන් සිදුකිරීමට අනුමැතිය නොදෙන්නැයි ඉල්ලා පෙත්සමක්

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත්කර ඇති ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | October 27, 2025  4:31 pm