උණුසුම් පුවත්
ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඉදිරියේදී සිදුවන කාලගුණයේ වෙනස
ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන එල් - නිනෝ තත්ත්වයේ වර්ධනය මේ වන විට ආරම්භ වි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ට පහසු ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (12) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
තායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දරුවා වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී තායිලන්ත කුමරිය අභාවප්‍රාප්ත වූ බව රාජකීය මාළිගාව අද (12) නිවේදනය කළේය.
මැදපෙරදිග සන්සුන්වීමෙන් බොරතෙල් මිල යළි පහළට
ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස් තිබේ.
අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වා තිබේ.
කොදෙව්වන්ට ලකුණු 148ක ඉලක්කයක්
බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය.
දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා “විශිෂ්ට එකඟතාවක්” ඇති කරගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ප්‍රදේශ කිහිපයකට මි.මී 75ක පමණ තරමක වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.
දරුණු එල්-නිනෝ තත්ත්වය නිර්මාණ වෙයි - ලොව පුරා අනතුරු ඇඟවීම්
ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මසක් තුළ අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය අභ්‍යන්තරයේ ඇතිවූ 'වායු තත්ත්ව ගැටලුවක්' හේතුවෙන් එහි කොටසක් හදිසියේම වසා දැමීමට පියවරගෙන තිබේ.
අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ - නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.
දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කෙරේ
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ සාර්ථක සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සවය අද (11) කොළඹදී පැවැත්විණි.
ලුණුගම්වෙහෙරේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
පෞද්ගලික බස්රථ දෙකක් අද (11) පස්වරුවේ ලුණුගම්වෙහෙර, උනාතුවැව 170 කනුව ආසන්නයේ මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් කොටුවෙයි
අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතන ලෙස පෙනීසිටිමින් මෙරට සිට මුදල් වංචා කළ චීන ජාතිකයන් පිරිසක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 වසරේදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබිලා
2025 වසරේදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණි 516ක් පමණ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානයට එරෙහිව අද (11) රාත්‍රියේ දැඩි ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
FIFA ලෝක කුසලානයට සියල්ල සූදානම්
ලොව පුරා බිලියන 6කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් නොඉවසිල්ලෙන් බලා සිටින පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) අලුයම නිල වශයෙන් ආරම්භ වේ.
හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත්වුණි.
සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාට ඇප
හොරණ, බටගොඩ 'මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල' රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
හොරණ බැංකු කොල්ලයේ සැකකාර ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.