උණුසුම් පුවත්
අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්
කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට අද (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ජපන් වැසියන් බිය කළ අනාවැකිය - හෙට දවස තීරණාත්මකයි
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ.
අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ
අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
ඩෙංගු මර්දන සතියේ පස්වැනි දිනට 673කට නඩු පවරයි
ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනය වූ අද (04) දිනයේදී පරීශ්‍ර 13,642ක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.
යට ඇඳුමේ සඟවාගෙන පිඹුරන් පිටමං කරන්න හැදූ ලාංකිකයා තායිලන්තයේ දී මාට්ටු
සර්පයින් තිදෙනෙකු නීති විරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබේ.
නව කම්කරු පනත ගේන්නේ සියලු පාර්ශ්වයන්හී එකඟතාවෙන් පමණයි - නියෝජ්‍ය ඇමති මහින්ද
යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ
කහවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
ලංකා IOCයෙන් ජනාධිපති අරමුදලට රු මි 100ක පරිත්‍යාගයක්
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්
හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
එස්.එම්. අධිකරණයට
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති
ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළේය.
කොළඹ - අවිස්සාවේල්ල පාරේ රථවාහන තදබදයක් ගැන දැනුම්දීමක්
කොළඹ - අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ අද (4) ප.ව. 4 සිට පැය 3ක පමණ කාලයක් අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන සඳුදා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි
හලාවත සිට කොළඹ කොටුව බලා අද (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබුණි.
අල්ලස් ගත් බවට සැක RMV ලොක්කා ඇතුළු තුනකට ඇප
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට
හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් හමුවෙයි
දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.
කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට
කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කෙරේ
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(04) දිනයේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.
එක ඉනිමෙන් ඉන්දීය වාර්තා කිහිපයක් අලුත්කළ ගිල්
එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වාර්ගත කඩඉම් කිහිපයක්ම පසුකිරීමට ඉන්දීය නායක ශුබ්මන් ගිල් සමත් විය.
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට
තඹුත්තේගම පොලිස් වසමේ මලියදේවපුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වී ඊයේ (03) පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා
IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ.