උණුසුම් පුවත්

සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදු දීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති සහ වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජනාධිපති මන්දිර කිහිපයක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

(0)Comments | July 28, 2026  2:35 pm

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට නියම කළේය. 

(0)Comments | July 28, 2026  2:15 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

(0)Comments | July 28, 2026  2:03 pm

සුරේෂ් සලේගේ පෙත්සම කල්යයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

(0)Comments | July 28, 2026  1:55 pm

ඇතෙකුගේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය දෙදරු පියා

ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ ඇතෙකු සිදුකළ පහරදීමකින් දෙදරු පියෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

(0)Comments | July 28, 2026  1:47 pm

ජල සැපයුම ගැන ජල සම්පාදනයෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින තුළ දැනට පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බවත් ඉදිරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | July 28, 2026  1:43 pm

මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි

හොරණ, කොබවකවත්ත කළුගගේ මෝදර කොටසේ නීතිවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් වටලා තිබේ.

(0)Comments | July 28, 2026  1:14 pm

දෙවිනුවර කාවඩි නටන කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

(0)Comments | July 28, 2026  12:31 pm

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන දෙකක්

උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | July 28, 2026  12:28 pm

මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.

(0)Comments | July 28, 2026  11:46 am

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

(0)Comments | July 28, 2026  11:10 am

පේරාදෙණිය රෝහලේ කෑම ටෙන්ඩරය අරන් දෙන්න අල්ලස් ගත්තු ව්‍යාපාරිකයා මාට්ටු

රු. 2,000,000ක මුදලක් ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත, ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | July 28, 2026  11:05 am

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද

අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණය, දඩුවම් නියම කිරීම අද (28) සිදුකිරීමට නියමිතය.

(0)Comments | July 28, 2026  10:31 am

විමල්ගේ සහෝදරයාට ඇප

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

(0)Comments | July 28, 2026  10:23 am

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නියෝග කළේය.

(0)Comments | July 28, 2026  10:08 am

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය අද (28) යළි අධිකරණයට රැගෙනවිත් තිබේ.

(0)Comments | July 28, 2026  10:02 am

විමල්ගේ සහෝදරයා අධිකරණයට 

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද (28) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

(0)Comments | July 28, 2026  9:49 am

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්න - නීතීඥ සංගමය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

(0)Comments | July 28, 2026  9:36 am

සිය ධුර කාලය අවසන් කළ චීන තානාපති හා සජිත් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා අතර සුහද හමුවක් අද (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

(0)Comments | July 28, 2026  9:29 am

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවෙයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 28, 2026  8:14 am

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

(0)Comments | July 28, 2026  7:34 am

සුපිළිපන් සතියට සමගාමීව භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

ජාතික සුපිළිපන් සතියට සමගාමීව වෙළඳපොළේ පවතින පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

(0)Comments | July 28, 2026  7:12 am

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

(0)Comments | July 28, 2026  6:54 am

ආයෝජක සබඳතා සහ ණය විනිවිඳභාවයෙන් ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් අතරට

ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කර ගන්නා ස්වෛරී රාජ්‍යයන් අතරට එක්ව ඇති බව Institute of International Finance - (IIF) ආයතනය විසින් නිකුත් කළ 2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

(0)Comments | July 28, 2026  6:44 am

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි - අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

(0)Comments | July 28, 2026  6:14 am