උණුසුම් පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. 

(0)Comments | June 11, 2026  9:30 am

කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | June 11, 2026  9:10 am

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් නව පනතක්

වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කැනඩා රජය නව පනතක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | June 11, 2026  8:26 am

හෙරොයින් කිලෝවක් සහ අයිස් කිලෝ 5ක් සමඟ අයෙක් මාට්ටු

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

(0)Comments | June 11, 2026  7:23 am

හෝමුස් වසා දැමීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් තවත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

(0)Comments | June 11, 2026  7:22 am

කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

කුවේට්හි මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 11, 2026  7:12 am

බිරිඳව ඝාතනය කළ සැමියාත් හදිසි අසනීප තත්ත්වයකින් මරුට

බිංගිරිය පොලිස් වසමට අයත් පඩිවෙල ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

(0)Comments | June 11, 2026  6:58 am

ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 දින සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

(0)Comments | June 11, 2026  6:36 am

අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට "ඉතාම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීමෙන් අනතුරුව, එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

(0)Comments | June 11, 2026  6:13 am

ගෝල්ෆේස් මුහුදු තීරයේ දියනෑමට ගොස් බේරාගත් 11 හැවිරිදි සිසුවා මරුට

ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමුන් හයදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබුණේ ඊයේ සවස් කාලයේ දී වන අතර, ඉන් බේරාගත් සිසුන් අතරින් එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

(0)Comments | June 11, 2026  6:00 am

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට

2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානය ලබා ගෙන තිබේ.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.

(0)Comments | June 11, 2026  5:43 am

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

(0)Comments | June 11, 2026  5:32 am

PHI වගේ කඩවලට කඩා පනින පිරිසක් ගැන පැමිණිලි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සමාන නිල ඇඳුමින් සැරසී වෙළෙඳසැල්වලට ගොස් අඩුපාඩු පෙන්වා, නඩු මාර්ගයට නොයාමට වෙළෙඳසැල් හිමියන්ගෙන් මුදල් ඉල්ලු කණ්ඩායමක් පිළිබඳ පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

(0)Comments | June 10, 2026  11:05 pm

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

නව ගිවිසුමකට එළඹීම සඳහා ඉරානය අනවශ්‍ය ලෙස කාලය ප්‍රමාද කර ඇති බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

(0)Comments | June 10, 2026  10:08 pm

සලේ සම්බන්ධයෙන් අද කැඳවූ නඩු විභාගයේ සාරාංශය

සුරේෂ් සලේ මහතා, රැදවුම් භාරයේ සිටියදී වධහිංසාවට පත්ව ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (10) යළි කැඳවිණි.

(0)Comments | June 10, 2026  9:56 pm

පකිස්තාන හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

පකිස්තාන විසින් අත්පත් කරගෙන සිටින කාශ්මීර කලාපයේ මුසෆරබාද් නගරය අසලදී පකිස්තාන හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

(0)Comments | June 10, 2026  8:46 pm

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

(0)Comments | June 10, 2026  7:53 pm

ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

අලුත්ගම, ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී අද (10) පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | June 10, 2026  7:23 pm

'එල් නිනෝ' තත්ත්වය ගැන බය හිතෙන කතාවක්

'එල් නිනෝ' තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වුවහොත් පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

(0)Comments | June 10, 2026  6:48 pm

බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්

දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

(0)Comments | June 10, 2026  6:24 pm

මෙම වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | June 10, 2026  6:05 pm

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | June 10, 2026  5:57 pm

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි

"දිව්වා" සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පදුරු, ගස් මුල් මා ඔයේ පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම තවදුරටත් හෙට 11 සහ අනිද්දා 12 යන දිනයන්හි ද සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.

(0)Comments | June 10, 2026  5:44 pm

හෝටලයකට පැන්න චණ්ඩි - දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි

ගාල්ල, උඩුගම කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට පසුගියදා කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙකු විසින් එහි සිටි දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී පලාගොස් තිබේ.

(0)Comments | June 10, 2026  5:43 pm

ඇෆ්ගනිස්තාන දේශසීමාවට පකිස්තානයෙන් දරුණු ගුවන් ප්‍රහාර

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා කලාපයේ පැවැති මාස කිහිපයක සාමකාමී වාතාවරණය බිඳදමමින්, පකිස්තාන ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්තාන දේශසීමා ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

(0)Comments | June 10, 2026  5:09 pm