උණුසුම් පුවත්
පිලිපීනයේ ටාල් සක්‍රිය වෙයි
පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.
වැලිගම සභාපති ඝාතනයට තවත් 2ක් ගාල්ලේ දී කොටුවෙයි
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අධි අනාරක්ෂිතව සිටින දරුවන් 17000ක් හඳුනාගනී
අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළදීම පහරදීමක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් තුළදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයෝමාල් අකලංකගෙන් රිදී පදක්කමක්
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත් විය.
ලක් මව රනින් සැරසූ ළහිරු අචින්ත ජනපතිගෙන් ඉල්ලූ අහිංසක ඉල්ලීම
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම දිනාගනිමින් වාර්තා අතරට එක් වූ ළහිරු අචින්ත සිය facebook සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් අණ නොතකා වාහන හප්ප හප්පා පලාගිය රියදුරු ගැන කරුණු හෙළිවෙයි
පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (25) රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයේ රියදුරු ගැන කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
ඉන්දීය සුපිරි නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වෙයි
කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබේ.
ලූවර් කෞතුකාගාරයේ සොරකමට දෙදෙනෙක් අත්අඩංගුවට
පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.
ආපදාවට පත් වූ වෙළෙඳ නෞකාවක කාර්යමණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනී
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි...
වැලිගම සභාපති ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැනේඩියානු භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද තීරුබදු දැන්වීමෙන් පසු කැනඩාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී උණ්ඩ තොගයක් හමුවෙයි
මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමට අත්සන් තැබේ
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.
සුළං සැරයි - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම් අත්සන් කිරීමට ට්‍රම්ප් මැලේසියාවට
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට පැමිණ තිබේ.
වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි
යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මි.මී 75ක තද වැසි අදත්
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.