උණුසුම් පුවත්

රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ හැකියාව පුළුල් කරමින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර විශේෂ සාකච්ඡාවක් සාර්ථකව පවත්වා තිබේ.

(0)Comments | July 27, 2026  2:25 pm

RMV හිටපු නිලධාරියෙකු අල්ලස් දැලේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 27, 2026  2:22 pm

ඇපල් සමාගමෙන් නව ස්මාර්ට් කණ්ණාඩියක්

ඇපල් සමාගම විසින් 2027 වසරේදී නව ස්මාර්ට් කණ්ණාඩියක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

(0)Comments | July 27, 2026  2:09 pm

එල් නිනෝ බලපෑමෙන් ඔක්තෝබර් - දෙසැම්බර් දක්වා කාලය තීරණාත්මකයි

‘එල්නිනෝ’ දේශගුණික සංසිද්ධිය නිසා ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බැවින්, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

(0)Comments | July 27, 2026  1:46 pm

පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත වෙයි

පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විවෘත කර තිබේ.

(0)Comments | July 27, 2026  1:43 pm

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

(0)Comments | July 27, 2026  1:15 pm

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.

(0)Comments | July 27, 2026  12:46 pm

කුෂ් සමග පින්තාරුකරුවෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි හතලිස්අට ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 27, 2026  12:31 pm

දෙහිවල කනත්තේ වෙඩිල්ලට ඇල්ලූ පැදිකරු සියල්ල වමාරයි

ඉකුත් ජුලි 19 වැනිදා දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ මුරකරුට වෙඩිතැබීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ තැනැත්තා දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

(0)Comments | July 27, 2026  12:21 pm

අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට දී තිබූ කාලය ගැන යළි දැනුම්දීමක්

අග්‍රහාර දත්ත පද්ධතිය යාවාත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීමට ලබා දී තිබූ කාලය එළැඹෙන ජූලි 31න් අවසන් බව අග්‍රභාර රක්ෂණ භාර අරමුදල පවසයි.

(0)Comments | July 27, 2026  11:49 am

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | July 27, 2026  11:44 am

ප්‍රධාන පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන⁣ ස්ථානයක හිමිකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 27, 2026  11:25 am

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු සැකකරුවන්ට ඇප

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

(0)Comments | July 27, 2026  11:18 am

ගොතටුවේ දී බිහිසුණු අනතුරක්

ගොතටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

(0)Comments | July 27, 2026  11:04 am

පුත්තලම - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

පුත්තලමේ සිට කොළඹ දක්වා ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපභෝගී පුද්ගලික බස් රථ අද (27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

(0)Comments | July 27, 2026  10:42 am

දඹදිව වන්දනාවේ යන්න ඉන්න ලාංකිකයින්ට ෆ්‍රී වීසා

ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා කඩිනමින් සහ පහසුවෙන් නිකුත් කිරීම සඳහා පවතින ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

(0)Comments | July 27, 2026  10:38 am

වැව් බැම්මක් මත තිබී මළ සිරුරක් හමුවෙයි

ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

(0)Comments | July 27, 2026  10:22 am

ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 27, 2026  9:17 am

මහා සඟ සමුළුව අද කොළඹදී

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ. 

(0)Comments | July 27, 2026  8:31 am

දෙහිවල කනත්තේ වෙඩි තැබීමේ සිද්ධිය - යතුරුපැදිකරු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 27, 2026  7:19 am

ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹෙයි

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

(0)Comments | July 27, 2026  7:02 am

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ.

(0)Comments | July 27, 2026  6:45 am

ඉරානය ප්‍රහාර නතර කිරීමට සූදානම් බවට ප්‍රකාශයක්

අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | July 27, 2026  6:36 am

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 27, 2026  6:21 am

දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේගෙන් නිවේදනයක් 

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබුණි.

(0)Comments | July 26, 2026  10:33 pm