උණුසුම් පුවත්

රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | October 26, 2025  2:25 pm

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 26, 2025  1:31 pm

කැනේඩියානු භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද තීරුබදු දැන්වීමෙන් පසු කැනඩාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

(0)Comments | October 26, 2025  11:54 am

වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

(0)Comments | October 26, 2025  11:47 am

මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී උණ්ඩ තොගයක් හමුවෙයි

මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

(0)Comments | October 26, 2025  11:32 am

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.

(0)Comments | October 26, 2025  11:12 am

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමට අත්සන් තැබේ

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබේ.

(0)Comments | October 26, 2025  10:58 am

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

(0)Comments | October 26, 2025  10:27 am

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.

(0)Comments | October 26, 2025  10:17 am

සුළං සැරයි - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | October 26, 2025  9:02 am

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | October 26, 2025  8:07 am

තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම් අත්සන් කිරීමට ට්‍රම්ප් මැලේසියාවට

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට පැමිණ තිබේ.

(0)Comments | October 26, 2025  7:33 am

වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

(0)Comments | October 26, 2025  7:17 am

මි.මී 75ක තද වැසි අදත්

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | October 26, 2025  6:05 am

රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි

රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබේ.

(0)Comments | October 25, 2025  10:16 pm

අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?

තම ආසියානු සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | October 25, 2025  9:46 pm

ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුම්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බව පොලිසිය පවසයි.

(0)Comments | October 25, 2025  9:08 pm

මීටර 4x100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4x100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

(0)Comments | October 25, 2025  8:51 pm

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

(0)Comments | October 25, 2025  8:30 pm

බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි

තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල - කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ.

(0)Comments | October 25, 2025  7:21 pm

විනෝදනී ලක්මාලිගෙන් ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති කාන්තා කවපෙත්ත විසිකිරීම ඉසවේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විනෝදීනි ලක්මාලි සමත් වූවාය.

(0)Comments | October 25, 2025  7:18 pm

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ.

(0)Comments | October 25, 2025  7:18 pm

කායා දළුවත්තගෙන් ගොල්ෆ් ලෝකඩ පදක්කමක්

ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ බාලිකා කේවල ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කායා දළුවත්ත අද (25) සමත් වූවාය.

(0)Comments | October 25, 2025  6:55 pm

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුව අවලංගු කිරීම ගැන ඇමතිට ප්‍රශංසා

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

(0)Comments | October 25, 2025  6:49 pm

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වෙළෙද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

(0)Comments | October 25, 2025  6:30 pm