උණුසුම් පුවත්
යෝෂිතගේ නඩුවක් කල්යයි
එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
2018 සිට 2024 දක්වා පාසල් හැරගිය ළමුන් 267,000කට අධිකයි
2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමුන් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
මෝදි ඉතිහාසගත වෙයි - ජනපති අනුරගෙන් සුබ පැතුම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එම ධුරය වැඩිම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගතවී තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 09:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
පන්සලට පැන්න හොරා බඩුත් එක්ක මාට්ටු
පාදුක්ක මාදුලාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ කවි බණ පටිගත කරන ශබ්දාගාරයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා පරිගණක ඇතුළු පටිගත කිරීමේ උපාංග රැසක් සොරා ගත් පුද්ගලයයෙකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.
රුපියලට එල්ලවන පීඩනය අඩු කරන හැටි ගැන පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
මීළඟ Artemis III මෙහෙයුමට එක්වන ගගනගාමීන් නම් කරයි
නාසා ආයතනය විසින් එහි මීළඟ ආටෙමිස් (Artemis III) මෙහෙයුම සඳහා අමෙරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ ඉතාලි ගගනගාමියෙකු නම් කර තිබේ.
බොරතෙල් මිලේ වෙනසක්
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්
අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
සලේගේ මෝසම ගැන නියෝගය අද
සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කළුතර සහ ගාල්ලේ තැන් කිහිපයකට අද ජල කප්පාදුවක්
කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
කජු වත්තක් තුළ දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්
වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - තරමක තද සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩවර්ජනය අත්හිටුවයි
දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න - අගමැති
'දිට්වා' සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවන බාධකය හේතුවෙන් වගා කටයුතු කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි ප්‍රධානය අඛණ්ඩවම සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය
යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දුම්රිය නියාමකවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක
දුම්රිය නියමකවරුන් විසින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකය හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය ධාවනට අඩාල විය හැකි බව දුම්රිය නියාමකරුන්ගේ සංගමය පවසයි.
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට
විදෙස්ගත සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයින් 8ක් ඇතුළු සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයටත් හෙට පැය 14ක ජල කප්පාදුවක්
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා හෙට දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි
ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සකස් කළ විමර්ශන වාර්තාව, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය අද (09) හිමි විය.
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.