උණුසුම් පුවත්
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි
රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ.
කායා දළුවත්තගෙන් ගොල්ෆ් ලෝකඩ පදක්කමක්
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ බාලිකා කේවල ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කායා දළුවත්ත අද (25) සමත් වූවාය.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුව අවලංගු කිරීම ගැන ඇමතිට ප්‍රශංසා
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.
ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වෙළෙද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.
ගුරුවරු නොමග යවන ව්‍යාජ 'Whatsapp' සමූහයක්
එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ Whatsapp සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
රොෂාන් රණතුංගගෙන් රිදී පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියායනු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මී. 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් විය.
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඉන්දියාවේ භූ කම්පනයක්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.
'යාල් දේවී' දුම්රිය නියාමක අත්අඩංගුවට
රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ දී ලිංගික හිංසනයට ලක්වෙයි
එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්ව තිබේ.
බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස් වේ
මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්ව තිබේ.
බද්දේගම උපසභාපතිට මැර ප්‍රහාරයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මහතා මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
දොඩන්ගොඩ දී මාරක අනතුරක්
දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තායි ඇතුන් දෙදෙනා ගැන විමර්ශනයට පශු වෛද්‍ය කමිටුවක්
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
LTL සමාගමේ නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දැඩි අවවාද
විදුලි බල මණ්ඩලයට අදාළව සිදු කරන කරුණු විමසීමක් සඳහා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.
හමුදාවටම පඩි ගෙවන ට්‍රම්ප්ගේ මිතුරා
කෙසේ වෙතත් මිලියන 1.3ක් පමණ වන එරට ආරක්ෂක හමුදා සෙබළුන් වෙත වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් ප්‍රමාණය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව වාර්තාවේ.
ආපදාවට පත් වෙළෙඳ නෞකාවක් බේරා ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව අරඹයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ඊයේ (24) පිටත්ව ගොස් තිබේ.
දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා පවසයි.
ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත්, නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගතව පැවතුණු බවය.
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.
ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක්
කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා
වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ජලාශ 15ක වාන් දොරටු විවෘතයි
පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.