උණුසුම් පුවත්

වෙසක් රාජ්‍ය උත්සවය මැයි 30 වැනිදා

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.

(0)Comments | January 24, 2026  4:22 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | January 24, 2026  4:17 pm

''අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ අපි නොවේ ජනාධිපතිවරයායි'' - විපක්ෂ නායක

Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි, හින්දි, චීන, ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම පැවසුවේ සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | January 24, 2026  4:14 pm

එජාපය සහ සජබය අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්චාවක් අද (24) පවත්වා තිබේ.

(0)Comments | January 24, 2026  4:00 pm

බාල ගල්අඟුරු නිසා දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් අහිමි වන බවට අනාවරණයක්

මෙම වසරේදී මෙරටට ගෙන්වා ඇත තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

(0)Comments | January 24, 2026  3:36 pm

වෛද්‍ය වර්ජනය ඉදිරි පැය 24 දක්වාත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (23) දින ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඉදිරි පැය 24 දක්වාද ක්‍රියාත්මක බව එම සංගමය පවසයි.

(0)Comments | January 24, 2026  3:18 pm

Rebulding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහාය

Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛණ්ඩව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේ ෆ්‍රැන්ච් මහතා පවසයි.

(0)Comments | January 24, 2026  2:02 pm

ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 70%කට රු. 50,000 දීමනාව ලබාදී අවසන්

"දිට්වා" සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන වන්දි මුදල් නිසි කළමනාකරණයකින් යුතුව එම ජනතාව වෙත ලබාදීම මේ වනවිට සාර්ථකව සිදු කරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

(0)Comments | January 24, 2026  1:51 pm

ජීවිතය එපා කී රූමතිය - මඩකලපුවේ සියදිවි නසාගැනීම් ඉහළට

මඩකලපුව, කල්ලඩි පාලම මතින් කලපුවට පැන සියදිවි නසාගත් තරුණියගේ සිරුර මේ වනවිට හමුව තිබේ.

(0)Comments | January 24, 2026  1:41 pm

දකුණු මුහුදෙන් හමුවූ මත්කුඩු දෙහිබාලේගේද ?

දකුණු මුහුදෙන් හමුවූ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නමැත්තා මෙරටට එවා ඇතැයි සැකකරන බව ආරක්ෂක අංශ පවසයි.

(0)Comments | January 24, 2026  1:30 pm

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව තිබේ.

(0)Comments | January 24, 2026  1:01 pm

83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ගුවන් හමුදාවට ඓතිහාසික ජයග්‍රහණයක්

83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේ දී පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.

(0)Comments | January 24, 2026  1:00 pm

රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ.

(0)Comments | January 24, 2026  12:31 pm

විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 524ක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (23) සැකකරුවන් 524ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | January 24, 2026  12:15 pm

දළදා මාළිගාව පවත්වාගෙන යන්න වසරකට රු. කෝටි 150ක් අවශ්‍යයි - දියවඩන නිළමේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

(0)Comments | January 24, 2026  11:26 am

රට මුහුණදෙන ආර්ථික අර්බුදය ගැන බන්දුලගෙන් ප්‍රකාශයක්

රට තුළ ඇති වෙන ස්වභාවික විපත් හෝ භාහිර රටවල ඇති වෙන කම්පනකාරි තත්ත්වයක් තුළ හෝ ඒවාට මුහුණදීමට තරම් ප්‍රමාණවත් මූල්‍යමය හැකියාවක් ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

(0)Comments | January 24, 2026  11:10 am

අණ නොතැකූ ලොරිය - පොලිස් නිලධාරීන් දෙදෙනා හප්පා පලා යයි

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගිය ලොරි රියදුරෙකු අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 24, 2026  10:48 am

ඇමති විජිත සහ වෙනිසියුලානු විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො මහතා සමග දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

(0)Comments | January 24, 2026  10:37 am

මල් තුහිනවලින් හැඩවූ නුවරඑළිය

උදෑසන කාලයේ පවතින සීත කාලගුණය හේතුවෙන් අද (24) දිනයේ ද නුවරඑළියේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබේ.

(0)Comments | January 24, 2026  10:17 am

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

(0)Comments | January 24, 2026  10:02 am

දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය

දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | January 24, 2026  9:47 am

ගතවූ දින 22 තුළ සංචාරකයින් 194,553ක් ඇවිත්

2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

(0)Comments | January 24, 2026  9:30 am

තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | January 24, 2026  7:20 am

කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 24, 2026  7:06 am

වෛද්‍ය වර්ජනය අද දෙවන දිනටත්

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | January 24, 2026  6:44 am