උණුසුම් පුවත්
දෙමළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට ඉල්ලයි
ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟත්වයක් ඇති කරගත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ඉල්ලීමක් සිදු කර තිබේ.
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ එක් වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබේ.
මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක් - 19ක් රෝහලට
මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණදීමට මෝදිගෙන් අපූරු උපායක්
ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වී මෝදි රජය සිය පාලන ඉතිහාසයේ දරුණුතම විරෝධතා රැල්ලට මුහුණ දෙමින් සිටී.
සංඥා අක්‍රීය මාර්ගයේ දුම්රිය ධාවනයට ඇමති උපදෙස් දීලා - සුමේධ සෝමරත්න
මාස ගණනාවක් වසා දමා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා යථා තත්ත්වයට පත්කිරීමකින් තොරව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
මිලියන 110ක කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද කාලගුණය
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අසිත නිරෝෂණගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් විරෝධය
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අද (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි.
රුසියානු නියෝජිතයින් පිරිසක් මෙරට සංචාරයක
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව තිබේ.
රටවිරුවන්ට ඉඩම් දීමේ වැඩපිළිවෙළක් සකසන්න ජනපතිගෙන් උපදෙස්
විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
ඝාතනයකට සැකපිට ඇල්ලූ චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
ගත වූ මාස 7ට වෙඩිතැබීම් 21ක්
වසරේ මේ දක්වා කාලය තුළදී වෙඩිතැබීම් 21ක් සිදුව ඇති අතර ඉන් 14 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
කඩොලාන පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට
පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පත් කර තිබේ.
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය සංවිධාන කටයුතු සහ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය - 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (24) පැවැත්විණි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
තලාවේ දී වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්
පාදුක්ක ප්‍රදේශයේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (24) අලුයම 5.00ට පමණ තලාව මොරගොඩ ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කෙරේ
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (25) විනාශ කිරීමට නියමිතව තිබේ.
මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ට දැනුම්දීමක්
2024/25 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ගේ මාර්ගගත ලියාපදිංචිය ලබන 17 වනදායින් අවසන්වීමට නියමිත බව ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි.